Colombo Today Local News

ආණමඩුවේ එන්නත් මද්‍යස්ථානයක එකම කාල ගොට්ටියක්

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයට කොරෝනා එන්නත් ලබා ගැනිමට පැමිනි 5000 කට ආසන්න පිරිසක් පාසලේ ගෙට්ටු කඩා ගෙන ඇතුල් විමත් සමග එකම කාල ගොට්ටියක් වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොඨඨාසයේ වයස අවුරුදු 60 ට වැඩි පිරිසට හා ගැබිණි මව්වරුන්ට ලබා දිමට එන්නත් දස දහසක් ලබා දි තිබු බව කියයි.

එම එන්නත් ආණමඩුව,කොට්ටුකච්චිය,තල්ගස්වැව,හා මහකුඹුක්කඩවල යන ප්‍රදේශවලට එන්නත් 2500 බැගින් ලබා දිමට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා කටයුතු කර ඇත.

කෙසේ නමුත් වැඩිහිටියන්ට එන්නත් ලබා දිමේන් අනතුරුව ඉතිරි සුළු එන්නත් ප්‍රමානය අවුරුදු 30 වැඩි පිරිස් වෙත ලබා දිමට සෞඛ්‍ය අංශ කටයුතු කරද්දී ආණමඩුව කන්නන්ගර විද්‍යාලය අසල රැස්වි සිටි පිරිස අතර බහින් බස් විමක් සිදුව ඇති අතර පසුව එය ගුටි බැට හුවමාරුවක් බවට පත්වු බව එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරින් පවසයි.

එම පිරිස ගෙට්ටුව කඩා ගෙන පාසලට ඇතුල් විමත් සමග එම ස්ථානයේ සිටි කිප දෙනකු තෙරපි බිම ඇද වැටි ආබාධ වලට ලක්ව සිටිනු දැක ගත හැකි විනි.

කෙසේ වෙතත් සවස පහ වන විට එන්නත් කිරීම් අවසන් කිරීමට කටයුතු කර තිබුනද මෙම තත්වය මත 25 දින රාත්‍රි 9 ආසන්න වන තුරු ඉතිරි එන්නත් 500 කට ආසන්න ප්‍රමානය ලබා දුන් බව ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න කුමාර මහතා පවසයි.

Related posts

කරන්නාගොඩ චෝදනාවලින් නිදහස් කළේ, රහස්‍ය වාර්තාවක් පදනම් කර ගෙනයි – නීතිපති

colombotoday

දෙසැම්බර් වෙද්දි නායකත්වය භාර ගන්න මම ලෑස්තියි -රුවන්

colombotoday

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248ට ලබන 18 සිට 21 දක්වා නම් කැදවයි..

colombotoday

මහබැංකු මුදල් සංචිතය ඩොලර් මිලියන 500කින් අඩුවෙයි.. බැංකු ණය පොලී අනුපාතය ඉහළ යයි..

colombotoday

“රනිල්-මෛත්‍රී ආණ්ඩුවට සුදුහුණු ගාන වියන්ගොඩලා තරම් අපරාධකරුවන් තවත් නෑ” – නිර්මාල් රංජිත්

colombotoday

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

colombotoday