Colombo Today Local News

මට හොඳටම අමාරුයි, වැටුප දෙන්න බෑ. මට ඔච්චරයි තියෙන්නේ.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ තමන්ට මුළු වැටුපම කොවිඩ් වෙනුවෙන් පරිත්‍යාග කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා…

විවිධ ඇමතිවරු, මන්ත්‍රීවරු කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ඒ අයගේ පෞද්ගලික මතය ප්‍රකාශයට පත් කරනවා.
සමහර මන්ත්‍රීතුමාලා, ඇමතිතුමාලා වැටපු පරිත්‍යාග කරනවා කියලා තියෙනවා.
මට නම් මගේ මුළු වැටුපම පරිත්‍යාග කරන්න බෑ.
මොකද මට ඔච්චරයි තියෙන්නේ.
මම උසාවි යන්නෙත් නෑ දැන්.
ඒ හින්දා මම මගේ වැටුපෙන් සියයට 50ක් පරිත්‍යාග කරනවා.
මොකද මුළු වැටුපම පරිත්‍යාග කළොත් මට ජීවත් වෙන්න බැරි වෙනවා.
මම වෘත්තියේන් නීතිඥයෙක් වුණාට දැන් උසාවි යන්නෙන්ත් නෑ.
මගේ පියා ගිය අවුරුද්දේ මිය ගියා. ඔහුගේ සම්පූර්ණ ඉතුරු කිරීම් දාලා තිබුණේ ද ෆිනෑන්ස් ආයතනයේ.
ද ෆිනෑන්ස් එක කඩන් වැටිලා එක ශත භාගයක් ගන්න බෑ අපිට.
මගේ නෝනා පොඩි රස්සාවක් කරනවා.
මම පෞද්ගලිකව කල්පනා කළේ මට පුළුවන් තරමක් මාත් කැප කිරීම් කරන්න ඕනෙ.
ඒ නිසා මගේ වැටුපෙන් සියයට 50ක් පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒක මට කියන්න බෑ රාජ්‍ය සේවකයට කරන්න කියලා.
මට මෙහෙම අමාරු නම් රාජ්‍ය සේවකයාට කොහොම අමාරු ඇත්ද ?
මම සියයට 50ක් දෙනවා කියලා රාජ්‍ය සේවකයාත් දෙන්න අවශ්‍යයි කියලා මම යෝජනා කරන්නේ නෑ.
මොකද මට මෙච්ච අමාරු නම් රාජ්‍ය සේවක
යාට කොච්චර අමාරු ඇතිද ?

Related posts

මහාචාර්ය කාලෝ රෝහල්ගත කරයි.. ඉහළම වෛද්‍ය කණ්ඩායමකින් දැඩි සත්කාර !

colombotoday

අරගලකරුවන්ට ආරක්ෂක අංශ එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ සංගමයයෙන් නිවේදනයක්

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

මහජන ආරක්ෂක ඇමති සිංගප්පූරුවේ නිල සංචාරයක

Admin

මුහුදුබඩ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

Admin

මහජන බැංකුවේ මුල් පුටුව බොදු විරෝධියෙකුට.. සියළු ගිණුම් ඉවත් කරගැනීමට භික්ෂූන් වහන්සේලා සැරසෙයි !

colombotoday