Covid 19

නාවලපිටිය රෝහලේ පැන්න කොවිඩ් අසාදිතයෙකු අල්ලා ගැනේ. – ගමන් ගත් බස් රථයේ 20 ක් නිරෝධානයට.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය අසාදිතයෙකු අල්ලා යලිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දුන් බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පැවසිය.

අසාදිතයා නාවලපිටිය කුරුදුවත්ත පදිංචිකරුවෙකු බවත් අවු 31 වයසැති අසාදිතයා (20) දින පස්බාගේ කොරලේ සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛය පරික්ෂකවරුන් විසින් කුරුදුවත්ත නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර ඇත.

අසාදිතයාගේ රෝගි තත්ත්වය උත්සන්න විම නිසා අසාදිතයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකට ඇතුලත් කිරිමෙන් පසු (25) දින උදැසන 8 අසාදිතයා එම වාට්ටුවෙන් පැන ගොස් ඇත.

පැන ගිය අසාදිතයා සම්බන්ධයෙන් නාවලපිටිය රෝහලේ ආරක්ෂක අංශ විසින් කුරුදුවත්ත පොලිසිය දැනුවත් කිරිමෙන් අනතුරුව අසාදිතයා තම නිවස කරා යමින් සිටියදි කුරුදුවත්ත මේරිවල පොලිස් මුරපොලේදි අල්ලා ගිලන් රථයක් මගින් යලිත් නාවලපිටිය රෝහලට යොමු කර ඇත.

අසාදිතයා ගමන් ගත් ලංගම බස් රථයේ ගමන් ගත් ළගම ආශ්‍රිතයන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බවත්, අසාදිතා පදිංචි නාවලපිටිය කුරුදුවත්ත මේරිවල වත්තේ කොටසක පදිංචිකරුවන්ද ස්වයං නිරෝධනයට යොමු කර ඇති බව පස්බාගේ කොරලේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

Related posts

ආසාදිතයින් 229ක් හඳුනාගැනේ

colombotoday

වැලිසර නාවික කඳවුරේ තවත් නාවිකයන් 30 කට කොරෝනා.

colombotoday

කොරෝනා මාරයාට ඉකුත් මාසයේදී පොලිසියේ 5 ක් බිලි

colombotoday

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

colombotoday

හිතුවක්කාර මිනිස්සු ඉන්නකන් ලොක් ඩවුන් කරලා වැඩක් නෑ ! වත්මන් තත්වය ගැන ජනපති සැරටම කියයි

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 80 දක්වා ඉහළට

colombotoday