World

ජිහාඩ් අන්තවාදය මිහිමතින් අතුගා දමනවා.. ලෝක බලවතා නැවතත් සපථ කරයි

ජිහාඩ් අන්තවාදී ත්‍රස්තවාදය මිහිතිලය මතින් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන බව තේරීපත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.

ජර්මනියේ, බර්ලීන් නගරයේදී සඳුදා (19දා) එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් මෙසේ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම බියගුළු ප්‍රහාරය අතිශය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වන ට්‍රම්ප්, IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමට ඇමෙරිකාව සහ සාමයට ලැදි සහකරුවන් මෙහෙයවන බවද අවධාරණය කරයි.

ජර්මනියේ, බර්ලින් නගරයේදී එරට වේලාවෙන් සඳුදා රාත්‍රී 8.30 ට පමණ නත්තල් වෙළෙඳ සැණකෙළියක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වූ අතර, ඉන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

කෙසේ වෙතත්, ජර්මානු බලධාරීන් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස මෙතෙක් නිල වශයෙන් හඳුන්වා නොදුන්නද, එය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බව පවසා සිටියි. නමුත්, ධවල මන්දිරය මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව දැනටමත් හඟවා ඇත. එහිදී, ට්‍රම්ප් නිකුත් කර ඇති පණිවුඩයේ,

“බර්ලීන් නගරයේදී සිදුවූ සිත්පිත් නැති ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන්ගේ ඥාතීන් සමග අපේ දහවත් මේ මෙහොතේ යා වෙනවා.

නත්තල් නිවාඩුවට සැරසෙන ඒ අසරණ ජීවිත රැසක් මහ මගදී මරා විනාශ කෙරුණා. ISIS හා අනෙකුත් ජිහාඩ් අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් තවදුරටත් කිතුණුවන්, ඔවුන්ගේ සමාජ සහ ඔවුන් වන්දනාමාන කරන ස්ථාන සිය ම්ලේච්ඡ ගෝලීය ජිහාඩ් අන්තවාදය හරහා විනාශ කරමින් සිටිනවා.

මේ ත්‍රස්තයන් සහ ඔවුන්ගේ කලාපීය හා ලෝක ව්‍යාප්ත ජාලය මේ මිහිතලයෙන් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමිය යුතුයි. ඒ සඳහා වූ මෙහෙයුම සාමයට ලැදි සහකරුවන් සමග එක්ව අප ඉතා ඉක්මණින්ම ක්‍රියාත්මක කරනවා” යනුවෙන් අවධාරණය කර සිටියි.

Related posts

ට්‍රම්ප්ගේ තීරණයට ප්‍රංශයේ සහය.. මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වහන්න ප්‍රංශයත් සූදානම් !!

colombotoday

වයස 2ක සහ 5ක දැරියන් දෙදෙනෙකු සමුහ දුෂණයට ලක්වේ – සැකකරුවන් අත්අඩංගුවේ

colombotoday

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම උගන්ඩා රජය තහනම් කරයි. සෞදි ගිය කතුන් සියරට කැදවයි

colombotoday

රජයේ අරමුදල් ගිණුමට ආවේ කොහොමද? හිටපු අගමැති ‘දන්නේ නෑ’ කියයි

colombotoday

“ඇෆ්ගන් රෝහලට පහරදීම යුධ අපරාධයක් නොවේ.. තාක්ෂණික දෝෂයක්” ඇමරිකාව කියයි

colombotoday

ඉරාන හැකර්වරු ඇමෙරිකානු වෙබ් අඩවියකට පිවිස යකා නටති

colombotoday