World

ජර්මනියටත් ට්‍රක්රථ ප්‍රහාරයක්.. ත්‍රස්තයෝ නත්තල් වෙළදපොළ ලේ විලක් කරයි (Video)

ජර්මනියේ බර්ලීන් නුවර ජනාකීර්ණ නත්තල් වෙළෙඳ පොළක් වෙත ලොරියක් කඩා වැදී මිනිසුන් යට කරමින් සිදුකර ඇති ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය පිරිස 12ක් බව විදෙස් වාර්තා පවසයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 48කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි සිටි මගියෙකු ජීවිතක්ෂයට පත්ව සිටි බවද කියැවෙයි. බටහිර ජර්මනියේ ප්‍රධාන වෙළෙඳ නගරයක් වන කර්ෆර්ස්ටෙන්ඩෑම් නගරයට ආසන්න බ්‍රෙයිෂෙප්ලෙට්ස් හිදී මෙම ලොරි රථ ප්‍රහාරය එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් මේ වනවිට 50ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගෙන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි. මෙම ලොරියේ රියදුරා ඇෆ්ගනිස්තානයෙන් හෝ පාකිස්තානයෙන් පසුගිය පෙබරවාරි මාසයේදී ජර්මනියට පැමිණි සරණාගතයෙකු බවද හඳුනාගෙන තිබේ.

මේ ආකාරයේම දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් ප්‍රංශයේ නීස් නගරයේදී පසුගිය ජූලි මාසයේදී එල්ල වූ අතර, IS ඉස්ලාම් රාජ්‍ය හුදකලා ත්‍රස්තයෙකු විසින් එල්ල කරන ලද එම ලොරි රථ ප්‍රහාරයෙන් පුද්ගලයන් 86 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙම නත්තල් සමයේදී මෙවැනි ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර එල්ලකරන ලෙස IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මෙන්ම අල්-කයිඩා ත්‍රස්තයන් සිය අනුගාමිකයන්ට හා හුදකලා ත්‍රස්තයන්ට පවසා ඇති බවත් ලෝකයේ ප්‍රබල බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

Related posts

සැගවී සිටින තබ්ලික් ජමාත් නායකයා ගැන තොරාතුරු දිල්ලි පොලීසියට

colombotoday

කාන්තාවකගේ පච්චයක් සිපගත් ෆ්‍රැන්සිස් පාප්තුමා.

colombotoday

ජෝ බයිඩ්න් ෆයිසර් බයෝ-එන්-ටෙක් කොවිඩ් එන්නත ලබා ගනී

colombotoday

කියුබාවේ වසර 60ක කස්ත්‍රෝ පාලනය නිම වෙයි… නව ජනාධිපතිවරයෙක් පත්වෙයි

colombotoday

ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ලොව පළමු මිනිසා මියයයි

colombotoday

පුටින් ඇමෙරිකාව චීනය අව්ලුවයි… චීනයට අනතුරු ඇඟවීමක් !

colombotoday