වෙළෙඳපොළ තුළ සහල් මිල සීඝ්රයෙන් ඉහළ යමින් පැවතීම හේතුවෙන් බත් පාර්සලයක මිල හෙට(19) සිට රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
මේ වන විට වෙළෙඳපොළේ සහල් කිලෝග්රෑමයක මිල රුපියල් 75ත් 80ත් අතර වන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
රට තුළ සහල් මාෆියාවක් පවතින බව පවසන එම සංගමය සහල් මිල පාලනය කිරීමට රජය මැදිහත් විය යුතු බවද අවධාරණය කරයි.