Colombo Today Local News

ඡන්ද ගණන් කිරීම ඇරඹේ.. 60-70% ප්‍රතිශතයක් ඡන්ද ප්‍රකාශ කරයි.. ප්‍රතිඵල නිකුත් කරන පිළිවෙල මෙන්න

අද පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප‍්‍රතිඵලය අද රාත‍්‍රී 10.00 පමණ වන විට නිකුත් කිරිමට හැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන ආයතන 340ක් සදහා මන්ත‍්‍රීවරුන් 8,356ක් තෝරා පත් කර ගැනීම සදහා ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට ආරම්භ විය.

ඡන්ද විමසීම සිදු කරන මධ්‍යස්ථාන 10,675 කදී මෙම ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙයි. මේ වන විටත් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල එම කටයුතු ආරම්භ වී ඇත. මෙවර නිකුත් කරනු ලබන්නේ මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵල නොව පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලයයි.

සමස්ථයක් ලෙස 60% – 70% අතර ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර ඇතැයි වාර්තා වේ.

Related posts

තිස්සට එජාපයෙන් යළිත් ඇරයුම් !

colombotoday

මහනුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක

Admin

ඇමරිකාව ට්‍රම්ප්ට.. මහින්දගෙන් සුබ පැතුම්

colombotoday

චැනල් ෆෝ නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝව ඉවත් කර නැහැ

Admin

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙන්න..

colombotoday

සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ලිපි යවනු – ඇමති වජිර අබේවර්ධනගෙන් සහ නිමල් ලංසාගෙන් නියෝග

colombotoday