Colombo Today Local News

මුදල් ඇමති රවීට එරෙහිව තවත් විශ්වාසභංගයක් අද කථානායකට

ravi 125

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට විරුද්ධව අද (08) යළිත් වරක් විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට භාරදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.

අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ 2016 වසරේදී අයවැය යෝජනාවක් ඉදිරිපත් කොට මාස තුනක් යාමටත් පෙර නව අයවැය යෝජනා ඇතුළත් “මිනි බජට්ටුවක්” නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගිය සිකුරාදා පැවති විශේෂ කැබිනට්ටුවේදී තීරණය වී ඇති බවයි.

ආදායම් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද හා ප්‍රාග්ධන ලාභ බද්ද ඉහළ නංවා රුපියල දිනපතා කඩාවැටීමෙන් විදේශ මුදල් සංචිතය බරපතළ තත්ත්වයකට ලක්ව තිබේ. එමෙන්ම ණය ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව නිශේධනාත්මක තත්ත්වයකට ලක්ව ඇතැයිද ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

එමෙන්ම අබිරහස් ආයෝජන වශයෙන් ඩොලර් විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙනඒමටද මුදල් අමාත්‍යවරයා අනුමැතිය ලබාදී ඇතැයිද අධික ‍පොලියට ණය ලබාගැනීම මගින් ලංකාව ගෙවීම් අර්බුදයකට ලක්ව සිටින බවද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයා පැවසීය.

මුදල් පිළිබඳව සම්පූර්ණ බලය හිමිවන ස්ථානය පාර්ලිමේන්තුව වුවත් මුදල් ඇමැතිවරයා හිතුවක්කාර ලෙස අධිකාරී බලයක් පාමින් ක්‍රියාකිරීම නිසා මුදල් අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි අදාළ ප්‍රකාශකයා සඳහන් කළේය.

Rivira

Related posts

බ්‍රහස්පතින්දා ඡායා චන්ද්‍රගහණයක්

colombotoday

බස්නාහිර බලය දෙදරයි.. මහින්දවාදීන් ස්වාධීන වීමට යයි !

colombotoday

ජනපති, අගමැති, සමග සජිත්, චන්ද්‍රිකාත් නිදහස සමරයි… අපි එන්නෑ…. ෆොනී, මෛත්‍රී කලින්ම දන්වයි !

colombotoday

කොරෝනා යැයි සැක යාචකයෙක් රෝහල්ගත කරයි

colombotoday

රට බෙදෙන ව්‍යවස්ථාව පරදන්න අපිත් එනවා.. උලමා පක්ෂයෙන් බොදු බලේට ලිපියක් !

colombotoday

ස්තැඩන් තේ වත්තේ කාණුවක නාඳුනන මළ සිරුරක්

colombotoday