එක්සත්ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තනතුරට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්කෙරිණි. ඊයේ 08 දා පස්වරුවේ රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේදී සිදුවූ එකගතාව මත මෙම පත්කිරීම සිදුකර තිබේ.
සන්ධාන නව ලේකම් තනතුරට මහින්ද අමරවීර මහතාගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද අතර එස් බී දිසානායක මහතා විසින් යෝජනාව ස්ථීර කරන ලදි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නියෝජනය කරමින්ඒවායේ නියෝජිතයන් ඊයේ පැවැති විධායක සභාවට සහභාගි වූ අතර, විශ්වා වර්ණපාල මහතාගේ වියෝවෙන් පුරප්පාඩු වූ සන්ධාන මහලේකම් ධුරය ඒ අනුව සම්පූර්ණ වනු ඇත.