Colombo Today Local News

විල්පත්තුවේ වන විනාශයක් නැහැ – බදුර්දින්ගේ ගෝලයා ගෙනආ යෝජනාව ඒකමතිකව සම්මත වේ

නැවත පදිංචි කිරීමේ මුවාවෙන් සංහාරයට ලක් කෙරෙන විල්පත්තු අභයභූමිය ආශ්‍රිත වනාන්තර පද්දතිය තුල කිසිදු හානියක් සිදුව නොමැති බවටත් විල්පත්තුවේ වන විනාශයක් සිදු නොවන බවටත් කියමින් උතුරු පාළාත් සභාවට ගෙනා ආ යෝජනාවක් ඒකමතිකව සම්මත විය.

උතුරු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වී ජයතිලක මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රී වරුන්ගේද සහයෙන් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී ඒ අයූබ් මහතා එය ස්ථිර කළේය.

“විල්පත්තුව අල්ලගෙන මේ වන විට බේරුවල වගේ උතුරෙත් ජාතිවාදය වපුරන්න හදනවා. සමහර මාධ්‍ය හා විවිධ පාර්ශ්ව ජාතිවාදය පතුරවමින් අසත්‍ය ප්‍රචාරයක් පතුරනවා. විල්පත්තු පදිංචි වෙනවා කියන මිනිස්සු අවුරුදු 22 කකට පස්සේ නැවත මුල් ගම්බිම් වලට ඇවිත් ඉන්නේ. ඒහෙම එනකොට තමන්ගේ ගෙවල් තිබුණු තැන් වල ලොකු ගස් හැදිලා. මේ රටේ සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් කෙනෙක් පළමුව අවතැන් වෙලා නැවත ඒ අයගේ මුල් ඉඩම්වල පදිංචි වීමේ අයිතිය උරුමය තියනවා. ඒක නැති කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ. “ යැයි වී ජයතිලක කීවේය.

උතුරු පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක ඇමති රිෂාද් බදුර්දීන්ගේ අතිජාත සගයෙකු වන අතර, ඔහු පසුගිය සමයේ දිගින් දිගටම බදුර්දීන් ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. පසුගියදා වව්නියාව බෝධිදක්ෂිණාරාමයේ පැවති මාධ්‍ය හමුවකටද ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි ඔහු දිගින් දිගටම විල්පත්තු සංහාරය සාධාරණීකරණය කළේය. මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම වෙනුවෙන් පෙනී සිටින වී. ජයතිලක මන්ත්‍රීවරයා, උතුරෙන් පළවාහරින ලද විසි දහසකට ආසන්න සිංහල ජනතාව නැවත පදිංචි කිරීම පිළිබදව වචනයක්වත් කතා නොකිරීම පුදුම සහගතය.

එමෙන්ම පසුගියදා රිෂාද් බදුර්දීන් ඇමතිවරයාගේ මූලිකත්වයෙන් රැස්වූ මන්නාරම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී, උතුරු පළාතේ හමුදාව සතු සියළු ඉඩම් දෙමළ ජනතාවට බාර දිය යුතු යැයි යෝජනාවක් සම්මත කර තිබිණි. විල්පත්තුවේ වන විනාශයක් නැතයි යන යෝජනාව උතුරු පළාත් සභාවේ ජාතිවාදී මන්ත්‍රීවරුන් විසින් සම්මත කරනු ලැබුවේ එයට කෘතගුණ දැක්වීමක් ලෙස විය හැකිය. එමෙන්ම යෝජිත නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සදහා මුස්ලිම් දේශපාලකයන්ගේ සහය ලබා ගැනීම කෙරෙහි ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු පාර්ශ විශේෂ අවධානයක් යොමුකර ඇති අතර, විල්පත්තු සංහාරයට උතුරේ අනුමැතිය ලබා දීම එහි ඉදිරි පියවරක් විය හැකිය.

Related posts

උපවාස කළ කොටි සැකකරුවන් පිරිසකට අසාධ්‍යයි, නිදහස් නොකළොත් දිවි නහගන්නා බව තවත් පිරිසක් කියයි.

colombotoday

සූදු ක්‍රීඩාවේ යෙදුණු පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හරී

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Admin

නොරොච්චෝලේ ඉදිකිරිම් ප්‍රමාදයෙන් ලංවිම දෛනික පාඩුව රු.මිලියන 250

colombotoday

සජිත්ගේ සන්ධානයට එරෙහිව රනිල් ‘අලියා‘ ලකුණින් මැතිවරණයට… අගමැති අපේක්ෂක කරු !

colombotoday