Colombo Today Local News

ජනපතිගේ සමීපතමයෙක් සිරස මුල් පුටුවට !

sirasa-01සිරස රූපවාහිනියේ නාලිකා ප්‍රධානී තනතුරට සුසාර ඩිනාල් එක්කර ගැනීමට සැරසෙන බව සිරස රූපවාහිනී අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහුට අදාළ තනතුර ලබාදීම ඉලක්ක කර පසුගියදා පැවැති 2016 Junior Chamber International Sri Lanka සම්මාන උළෙලේ දී ශ්‍රී ලාංකීය මාධ්‍ය ශේෂ්ත්‍රයට මහඟු සේවයක් කල විශිෂ්ඨම තරුණයා (Outstanding Young Person of Sri Lanka Contribute to Media) සම්මානය ලබාදුන් බවටද රාවයක් පවතී.

කෙසේවුවද, සුසාර අදාළ සම්මානය දිනාගනු ලැබුවේ සිවුවසරක කාලයක් කිසිදු මාධ්‍ය කාරණාවකට සම්බන්ධ නොවී සිටි අවස්ථාවකදීය.

පසුගියවර මේ සම්මානය දිනාගෙන ඇත්තේ එම්.ටී.වී. නාලිකාවේ ශෙවාන් ඩැනියල්ස් විසින් බවද පැවසේ.

සුසාර සිරස නාලිකා ප්‍රධානියාව සිටි සමයේදී නව සංකල්ප හා වැඩසටහන් ලෙස සිරසට හඳුන්වාදුන් සිරස ලක්ෂපති, සිරස කුමරිය, සිරස සුපර්ස්ටාර්, සුභාසිරි, මංගල සිහින හා සිරස වෙසක් කලාපය ජනප්‍රිය වැඩසටහන් බවට පත් විය.

ඔහු වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟද කිට්ටුවෙන් කටයුතු කරන්නෙකු බවද පැවසේ.

මේවන විට සිරස රූපවාහිනියේ නාලිකා ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ චන්දන සූරියබණ්ඩාර මහතාය.

– කැළුම් ශිවන්ත

Related posts

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday

මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාට සුවසැරිය සේවක සංගමයේ තිදෙනකුගේ වැඩ තහනම්

colombotoday

උතුරේ ධිවර කටයුතුවල නිරත සිංහල ධීවරයන් වහා පිටව යනු – සුමන්තිරන්

colombotoday

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකු අසාදු ලේඛනයෙන් ඉවත් කරයි

Admin

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

එන්නත් නොගත් අයට බස් ගාස්තු ඩබල්

colombotoday