Colombo Today Local News

ලොව සුපිරිතම ඇමරිකානු හමුදා යානයක් මත්තලට ඇවිත් ගිහින් (Photo)

දැනට ලෝකයේ ඇති ඉතාම දියුණු සබ්මැරීන් නාශක හා නෞකා නාශක ගුවන් යානය මෙන්ම, දීර්ඝ පරාසයක නාවික ආරක්ෂක සේවා සැපයීමේ නිරත ගුවන් යානයක්ද වන P-8A පොසිඩොන් ඇමෙරිකානු ගුවන් යානය පසුගියදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබේ.

ඇමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වාදෙන පරිදි, එරට ආරක්ෂක බලකායේ (VP-10) ‘රෙඩ් ලාන්සර්ස්’ කණ්ඩායම රැගත් P-8A පොසිඩොන් ගුවන් යානය දෙසැම්බර් 04 දා මෙරටට ළඟා වී ඇති අතර, එය 11 දා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් තිබේ.

එසේ පැමිණි ඇමෙරිකානු නාවිකයන් ශ්‍රී ලංකා නිලධාරීන් හමුවී මෙම නවීන යානයේ හැකියාවන් පෙන්වාදුන් බවත්, ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් සමග විශේෂ උපදෙස් හුවමාරු කරගත් බවත් තානාපති කාර්යාලය පවසයි. එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් සහ නාවික හමුදාවන් සමග ගෝලීය ආර්ථිකයට වැදගත් වන අන්තර්ජාතික නැව් මාර්ග ආරක්ෂා කිරීමේ අභ්‍යාසයකද මෙම යානය නිරත වූ බව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ලාෆ්ස් ගෑස් මිල වැඩි කරන්නෙ නැහැ..

Admin

ශ්‍රී ලංකාවේ මිනිසුන් කවදා හරි මාවත් “ජුලියන් ඇසෙන්ජි “වගේ ගරු බුහුමනට ලක් කරාවි

colombotoday

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකට “ප්‍රභාකරන්” මහත්තයෙකු වේ. “රණවිරුවන් අතින් ඝාතනය වුනේ මෙරට දරුවන්” බවත් කියයි

colombotoday

’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’ – රංජිත් බණ්ඩාර‍ කියයි

Admin

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සජිත් ඡන්දයට ගත්තද – නාමල් රාජපක්ෂ

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිලියක්ට අමුතු සැලකිලි

colombotoday