Colombo Today Local News

විග්නේෂ්වරන් පාළාත්සභාවට ඉඩම් බලතල ඉල්ලයි

vigneshwaran

පළාත් සභා වෙත බලතල පැවරීම ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උතුරු පලාතේ ගැටළු රැසක් උද්ගත වී ඇති බවට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (12) යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාද්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ඉඩම් ඇතුළු අදාළ බලතල මධ්‍යම රජය වෙත පවරා ගැනීම තුළින් අදාල පලාත්හි පවතින ගැටළුවලට කිසිදු දිනෙක විසඳුම් ලබාගත නොහැකි බවටත් මධ්‍යම රජය සතු ඉඩම් බලතල හා හිමිකම් පළාත් සභා වෙත පැවරීම තුළින් උතුරේ ඉඩම් ඇතුළු විවිධ ගැටළු සඳහා විසඳුම් ලබා ගැනීමට හැකියාවක් පවතින බවටත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරායා පැවසුවේය.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභා සදහා ඉඩම්, පොලිස්, අධිකරණ හා මූල්‍ය පරිපාලන බලය ලබා දීමට යෝජනා කෙරී ඇත.

Related posts

නාමල් ඇතුළු හයකට නඩු…

colombotoday

නව ඇමැතිවරුන්ගේ ගැසට්ටුව නිකුත් වෙයි

colombotoday

පිපිරීම වූ නිවසෙන් තවත් මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි

colombotoday

නීතියට එකග නෑ, ව්‍යවස්ථාවටත් පටහැනියි “ඔබට මෙහෙ නඩු අහන්න බෑ“ – හිටපු ජනපති ජපන් විනිසුරුට කියයි

colombotoday

“මොළ හතේ ඇමති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති “

colombotoday

අධිවේගයෙන් වැඩිවන අධිවේගයේ අනතුරු

Admin