Colombo Today Local News

උතුරෙන් සිංහලයන් පන්නද්දී, සංහිදියාව හදන්න ඉන්දියාවෙන් රහුමාන් ගෙන්වයි. සංවිධානය ජනපති කාර්යාලයෙන්

සුප්‍රකට දකුණු ඉන්දීය සංගීතඥ ඒ ආර් රහුමාන් සහභාගී වන සංගීත ප්‍රසංගයක් අප්‍රේල් 23වදා ගාලුමුවදොර ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට සූදානම් වනවා.

මෙම ප්‍රංසගය සංවිධානය කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වන අතර ප්‍රසංගයේ මූලික වියදම (ප්‍රසංගය සදහා පමණක්) රුපියල් මිලියන 800ක් ප්‍රසංග සංවිධායක සමාගම විසින් අයකරගැනීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාල අභ්‍යන්තර තොරතුරු මාර්ග වලින් අනාවරණය වන්නේ.

“ජාතික සංහිදියාව ගොඩනැගීම” සදහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන ය‍ටතේ පැවැත්වෙන මෙම ප්‍රසංගයට දකුණු ඉන්දීය ද්‍රවිඩ සම්භවයක් සහිත ඉස්ලාම් භක්තිකයකු වන ඒ ආර් රහුමාන් ගෙන්වීම වඩාත් සුදුසු යැයි ජනාධිපති ලේකම් කාර්යාල උපදේශකයන් විසින් යෝජනා කර ඇති අතර “එට්කා” ගිවිසුම හේතුවෙන් රටතුළ ගොඩනැගෙන ඉන්දියානු විරෝධි ආකල්පය හා ජාතිකවාදී රැල්ල යම් තරමකින් යටපත් කිරීමටද මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීම සුදුසු බවට එම උපදේශකයන් යෝජනා කර ඇත.

ජාතික සංහිදියාව ආරම්භ කළ යුතුවන්නේ උතුරෙන් නොව දකුණෙන් බව ජනාධිපතිවරයා පසුගිය දිනවල ප්‍රකාශ කර තිබිණි. එහෙත් දකුණේ සිංහල ජාතිකයන් හා දමිළ මුස්ලිම් ජනවර්ග අතර ගැටළුවක් නැත. සිංහල දමිළ මුස්ලිම් භේදයකින් තොරව දකුණේ ඕනෑම ප්‍රදේශයක තමන්ගේ ජාතික අනන්‍යතාවය රැකගෙන සියළු සමාජීය අයිතිවාසිකම් භුක්තිවිදීමින් නිදහසේ කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබී ඇත.

නමුත් උතුරේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. උතුරෙන් සිංහල ජනතාව පලවාහැරීමේ සැලසුම්සහගත වැඩපිළ‍වෙලක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතී. උතුරේ සිංහල ජනතාව නැවත සිය පාරම්පරික ඉඩම්වල පදිංචි කිරීමට එරෙහිව ද්‍රවිඩ සන්ධානය උතුරු පළාත් සභාවේදී පෙරේදා 24 මහ ඝෝෂාවක් කර තිබිණි. “තොපිට මෙහෙ අයිතියක් නෑ” කියමින් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන් සිංහල ගම්මානවලට සහ විහාරස්ථානවලට කඩා පැන කරන තර්ජණ පිළිබදව ඇස්පනා පිට සාක්ෂි අපි පසුගිය දිනවලදී දුටුවෙමු. සංහිදියාවට දිගුකරන දෑත උතුරේ ජාතිවාදීන් හපා කද්දී දකුණේ ජනතාවට පමණක් සංහිදියාව ගැන වැදි බණ දෙසීම අතීසාරයට අඹුඩ ගැසීමක් නොවන්නේද?

සැබෑ ලෙසම සංහිදියාවක් ගොඩනැගීමට අවශ්‍යනම් කළයුතුව තිබෙන්නේ ජාතික සංහිදියාවේ නමින් රටේ ජාතික ධනය නිකරුණේ කාබාසිනියා කර දකුණේ ජනතාව ගොනාට ඇන්දවීම නොව, ජාතික සංහිදියාවකට දකුණ මෙන්ම උතුරත් සූදානම් බව ආදර්ශයෙන්ම රටට පෙන්වීමය.

 

Related posts

රට හදන්න බැරිනම් බලය අතහැර යනවා – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ඉන්දියාවට දුන් තෙල් ටැංකිවලට සත පහක්වත් ගෙවා නෑ..!!

colombotoday

ආණ්ඩුවේ නායකයෝ සල්ගාදු පිටියේදී හිට් විකට් වුනා – එක්සත් ජාතික නිදහස් පෙරමුණ කියයි

colombotoday

හූ කීවේ අපි නෙවෙයි.. පිටින් ආපු අයයි.. වැඩේ සවුත්තුයි – මහින්දානන්ද

colombotoday

ප්‍රකෝටිපතියන් ඇන්දූ තිළිණි සමග DIG අජිත් රෝහණගේ පින්තූර සමාජ ජාලා කලබයි

colombotoday

මද කිපුණු මහානාමයෝ පාසලේ නමත් කයි.. බාලිකාවකට බලෙන් පැන යකා නටයි (VIDEO)

colombotoday