Colombo Today Local News

වැලි ටැක්ටරයකට හමුදාවෙන් වෙඩි

යාපනයේ කර්වේලී ප්‍රදේශයේ අනවසරයෙන් වැලි කපා ටැක්ටරයකින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසකගේ ටැක්ටරයට යුද හමුදා හට පිරිසක් විසින් වෙඩි තබා රියදුරු ඊයේ (25)දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ස්ථානයේ අනවසරයෙන් වැලිකපන බවට ලද තොරතුරක් මත යුද හමුදාව එහි යන විට වැලි කපා ටැක්ටරයකින් ඒවා ප්‍රවාහනය කරමින් සිට ඇතග
වැලි රැගෙන යන පිරිසට නවතින ලෙස යුද හමුදාව නියෝග කොට ඇතත් වැලි පටවා ගත් ටැක්ටරය නොනවත්වාම ධාවනය කරවීම නිසා ටැක්ටරයට වෙඩි තබා එය නතර කරගෙන ඇත.

මේ අවස්ථාවේදී ටැක්ටරයේ රියදුරු යුද හමුදාවට බාර වී ඇති අතර අනෙක් පිරිස ටැක්ටරයෙන් පැන කැළයකට පලා ගොස් තිබේ.

Related posts

බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් ගීතා නෙරපයි !

colombotoday

සජිත් – රනිල් එකගතාවක… සජිත් ජනපති වුවත් වෙනසක් නෑ…. අගමැති රනිල්මයි !

colombotoday

මින් පසු විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට !

colombotoday

තවත් දින 4ක් විදුලි කැපෙයි

colombotoday

බස්නාහිර පළාතේ එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක්..

colombotoday

“ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා”

Admin