World

ප්‍රංශය රුසියන් නැවක් අතලාන්තික් මුහුදේදී අත්අඩංගුවට ගනී

රුසියානු හමුදා යුක්රේනයට පහරදීම නිසා පනවන ලද යුරෝපා සංගමයේ සම්බාධක උල්ලංඝනය කළ බවට සැක කෙරෙන රුසියානු භාණ්ඩ නැවක් අතලාන්තික් මුහුදේ ප්‍රංශය සහ එංගලන්තය වෙන් කෙරෙන මුහුදු සීමාවේදී ප්‍රංශ බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රංශයේ රුවොන් සිට මෝටර් රථ රැගෙන ශාන්ත පීටර්ස්බර්ග් බලා ගමන් කරමින් සිටි මෙම නෞකාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව උතුරු ප්‍රංශයේ වරායක් වෙත රැගෙන ගොස් ඇත.

ප්‍රංශ නාවික මුර සංචාර අතර තුර රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාව පරික්ෂා කර ඇති අතර වැඩි දුර පරීක්ෂණ සඳහා උතුරු ප්‍රංශයේ වාරයක් වෙත මෙසේ රැගෙන ගොස් ඇත.

ප්‍රංශයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ද මේ බව තහවුරු කර ඇත.

නෞකාව අත්අඩංගුවට ගන්නා මොහොතේ කාර්ය මණ්ඩලය 19 දෙනකු සිට ඇති අතර මේ පිළිබඳ රුසියානු තානාපති කාර්යාලය මෙම සිද්ධියට විරුද්ධත්වය ප්‍රකාශ කර ප්‍රංශ විදේශ අමාත්‍යංශයට ලිපියක් යවා ඇත.

Related posts

ICC ප්‍රධාන විධායක නිලධාරියා ධූරයෙන් පන්නයි

colombotoday

ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක්

Admin

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday

මියන්මාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොර වසයි !

colombotoday

ඇමරිකානු සම්බාධක නොතකා 5000km ක් දුර ඉලක්ක විනාශකළ හැකි මිසයිලයක් ඉරානය හදයි

colombotoday

ඉරානයේ කඩා වැටුණු ගුවන් යානයේ සිටි සියලු දෙනා මිය යයි

colombotoday