Colombo Today Local News

සියලුම කම්කරු කාර්යාල සෑම සිකුරාදා ම වසා තැබේ

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු ම ප්‍රාදේශීය කාර්යාල හෙට (මැයි 3) සිට සතියේ සෑම සිකුරාදා දිනක ම වසා තැබෙන බව කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම අවම කිරීමට රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලය කැඳවීම සීමා කිරීම සඳහා නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව මෙම පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

එබැවින් සේවාලාභීන් සේවා ලබා ගැනීම සඳහා සිකුරාදා ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණීමෙන් වැළකී සිටින ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

මැතිවරණ කොමිසම අද අගමැති හමුවෙයි..

Admin

අලුත් සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණ කරගෙන?

Admin

මුදල් ඇමති ඉවත් කරන්න කීවෙත් මමයි.. සාගල, විජේදාසත් ඇමති මණ්ඩලෙන් ඉවත් කරනවා

colombotoday

භාණ්ඩ හා නිෂ්පාදන 5කට උපරිම සිල්ලර මිලක්

Admin

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම් විභාගයට හත් පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කෙරේ

colombotoday

කෙහෙලිය ගෝ ගම සංවිධායකයින් අත්අඩංගුවට

Admin