Colombo Today Local News

“බෞද්ධ භික්ෂූන්ට මඩකලපුව තහනම් කළේ සාමය ආරක්ෂා කිරීමටයි“ – අධිකරණ ඇමති

vijedasa-rajapaksha

පසුගිය 03 වනදා බෞද්ධ සංවිධාන කිහිපයක පිරිසකට මඩකලපුවට ඇතුළු තහනම් කළේ සාමය ආරක්ෂා කිරීම සදහා යැයි බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මේ බව සදහන් කළේ ඊයේ (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි.

බොදු බල සේනා සහ තවත් සංවිධාන කිහිපයක් එකමුතුව පිහිටුවාගෙන ඇති “ශාසනාරක්ෂක සභාවේ“ පිරිසක් මඩකලපුව මංගලාරාමයේ ආගමික වැඩසටහනක් සදහා සහභාගී වීමට යමින් සිටියදී පොලීසිය විසින් වැලිකන්ද ප්‍රදේශයෙන්දී ඔවුන්ගේ ගමන අවහිර කරනු ලැබුවා.

අදාල සංචාරය පිළිබදව සමාජ මාද්‍ය හරහා දීර්ඝ ලෙස කරුණු වාර්තා වූ බවත්, අදාළ පිරිසට පිරිසට, බෞද්ධ නොවන උදවිය විසින් ප්‍රහාර එල්ල කිරීමට සූදානමක් පැවති බව වාර්තාවූ බැවින් සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන්ට මඩකලපුවට ඇතුළුවීම තහනම් කිරීමට රජය කටයුතු කල බවයි ඇමතිවරයා කියා සිටියේ.

Related posts

අලුත්ගම ගැටුමේ වින්දිතයන්ට රජයෙන් වන්දි !

colombotoday

කටුබැද්දේ බූරු පිටියක් වටලා 9ක් අල්ලයි

colombotoday

තමන්ට අනන්‍ය වූ ආකෘතියකින් ශක්තිමත් සම්පත් බැංකුව විනාශ කිරීමට ජාතිවාදය අවියක් කර ගැනීම

colombotoday

පාසල් වසා දැමීම තවත් සතියකින් දීර්ඝ කරයි

colombotoday

ඇමති විජේදාසට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. ඇමතිකමෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි !

colombotoday

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරුන් තීරණය කරයි

Admin