Colombo Today Local News

නිල්වලා මෙගා ඩීල් එළියට.. සම්පූර්ණ කැබිනට් පත්‍රිකාව මෙන්න

nilwala-mdlනිල්වලා ගග ව්‍යාප්තිය සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපතිවරයා විසින් ගාල්ලේ දි කල ප්‍රකාශය සම්බන්ධයෙන් රුපියල් කෝටි 420 ක් පමණ වූ මුදල් අතුරුදහන් වී ඇති බවක් හැඟව්මට හේතුවෙන් FCID ය මේ වනවිටත විමර්ශන ආරම්භ කොට ඇත.

2016/07/07 දින වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවෙන් මේ ගනුදෙනු සම්බන්ධයෙන් ඉතා ලෙහෙසියෙන්ම කාගේ නොසැලකිල්ල නිසා මේසා විශාල මුදලක් වැඩකට නොගෙන මෙතෙක් අතහැර දමා තිබේද ? ඒ කුමන කරුණ නිසාද පැහැදිලි කර ගත හැකිය.

ඉහත මුදල් නිකුත් කිරීමට ප්‍රථම එනම් 2014/04/31 දින කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගිවිසුම නීති පති වෙත යොමු කොට ඒ සඳහා එකඟතාවය ලබා ගත් බව කැබිනට් පත්‍රිකාවේ 2 වෙනි පිටුවේ 3 වන ඡේදයේ පැහැදිලිව සඳහන් වේ.

එමෙන්ම 2 පිටේ 4 වන ඡේදයේ සඳහන් වන්නේ එම සමාගමට අත්තිකාරම් මුදලේ මූලික 5% සඳහා ඇ ඩොලර් 29,989,000 ක් එනම් රුපියල් මිලියන 450 ක් පමණ 2015 ජනවාරි 7 වෙනිදා අමතර ගෙවිමට අනුමැතියය.

එම ඡේදයේ තවදුරත් සඳහන් කොට ඇත්තේ “අත්තිකාරම් මුදලේ මූලික 5% ගෙවීම් කොන්ත්‍රාත්කරු හට සම්පූර්ණයෙන් ගෙවා නොතිබු හේතුවෙන් සහ එවකට සිදු වූ දේශපාලන වෙනස්කම්ද හේතු පාදක කරගනිමින් ව්‍යාප්තියේ කාර්යයන් ඉදිරියට කරගෙන යාම සඳහා සේවායෝජකයා විසින් අදාළ කොන්ත්‍රාත් සමාගම වෙත උපදෙස් ලබා දි නැත.” යන්නයි.

ඒ අනුව සේවායෝජකයා යනු වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයයි. එනම් 2015 ජනවාරි 8 නව රජයේ වාරිමාර්ග අමාත්‍යවරයා දුමින්ද දිසානායකය, වර්තමානයේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසාය, කෝටි 420 ක් මුදල් ලබා ගන්නා අවස්ථාවේ අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වාය.

3922232002003004

– Lankacnews

Related posts

බොරුව ඇත්තකර කියපු සමන්ත විද්‍යාරත්නට ඌව මහඇමති මිරිස් අබරයි

colombotoday

අතුරුගිරියේ ජෙරම් STF අත්අඩංගුවට

Admin

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

colombotoday

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

colombotoday

ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය ලංකාවේ නිපදවයි

colombotoday

කඩු, කිණිසි ආනයනය කළ සැකකරුවන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිට උපදෙස්

colombotoday