Colombo Today Local News

අංගොඩ ලොක්කගේ ගෝලයක් වෙඩි කයි

පාතාල සාමාජිකයකු වූ අංගොඩ ලොක්කාගේ ගෝලයකු නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් අද (26) අලුයම මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී ඝාතනය කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ මිලින්ද නැමැති 34 හැවිරිදි පුද්ගලයකු බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් මරණකරුගේ මස්සිනා ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද වාර්තා වේ.

මරණකරු, පාතාල ක්‍රියාකාරිකයකු වූ අංගොඩ ලොක්කා ගේ ප්‍රධාන ගෝලයකු ලෙස සැලකෙන අතර මේ වන විට විදෙස් ගතව සිටින “ඉතාලි චමින්ද’ නමැත්තාගේ සමීපතමයකු බවට ද තොරතුරු අනාවරණය වන බව පොලීසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණ ඇති ඝාතකයන් අද (26) අලුයම 3ට පමණ මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් අසල යතුරු පැදිය නවතා ඒ අසල පිහිටි මරණකරුගේ නිවසට ගොස් දොරට තට්ටු කර නිවැසියන් අවදි කිරීමෙන් පසු මෙම වෙඩි තැබීම සිදු කළ බවට මේ වන විට කරුණු හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Related posts

ශරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගන්න – පාර්ලිමේන්තුවට යෝජනාවක්

colombotoday

ලාංකික සිසුන් අරන් එන්න ගිය ශ්‍රී ලංකන් යානය වූහාන් වෙත ළගාවෙයි !

colombotoday

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

TNA මන්ත්‍රී ප්‍රභාකරන්ගේ ගෙදර කේක් කපා උපන් දිනය සමරයි !

colombotoday

ගෑස් පෝලිමේ සිටි අයෙක් මන්ත්‍රී කනක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් ගහලා

colombotoday

කැබිනට් මණ්ඩලය අධීක්ෂණයට කමිටුවක්

Admin