Colombo Today Local News

ලංකා ගුරු සංගමයේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අදත්

“අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ” ලෙස දරුවන්ගේ ඉගැන්විම් කටයුතු සිදුකරමින් සිය වෘත්තීය අරගලය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ සියලු බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර මෙම සතිය තුළ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (26) දිනයේ තීරණය කරන බවය.

“ප්‍රථමික පන්ති ඊයේ ආරම්භ වුණා. ළමයින්ගේ සියලු අතපසු වු අධ්‍යනය කටයුතු කරමින් අපේ අරගලය යන්නේ. මේ අනුව ඊයේ දිනයේ ආරම්භ කරපු අකුරට වැඩ කරපු ක්‍රියාමාර්ගය අදත් තියෙනවා. දිගටම තියනවා හැමවෙලේම අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තමයි අපි කරගෙන යන්නේ. ඒ වගේම සියලුම බහුජන සංවිධාන වෘත්තිය සමිති සියල්ලන් එක්ක සාකච්ඡා ආරම්භ කරනවා. පැහැදිලිවම අපිට අවශ්‍යයි මේ පාසල් පද්ධතියත් එකක ගන්න මේ ක්‍රියාමාර්ගත් එකක් වැටුප් අරගලය අපි දිගටම කරගෙන යනවා. අයවැයට පෙර මේ ගැටලුව විසඳගන්න අපි අපේ ගමන පෙරට යනවා. ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කරලා අද දිනයේ දී ප්‍රකාශ කරනවා.”

Related posts

ලක්ෂ 20 ක මත්කුඩු සමඟ දෙදෙනකු වරාගොඩදී අත්අඩංගුවට

colombotoday

“ෆෙඩරල් ක්‍රමයකට ලංකාව සූදානම්“ – මංගල ඇමරිකාවේදී කියයි

colombotoday

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin

මහින්ද වෙනම ගියොත් අපි ඉවරයි.. එහි වාසිය එජාපයටයි.. එනිසා එක්ව ගමනක් යමු

colombotoday

ශ්‍රීලනිප යේ ආරාධනාව මහින්ද සතුටින් බාරගනී !

colombotoday

නැකැත් නෑ… අධිවේගී මාර්ග මේ අවුරුද්දේ හදන්න වෙන්නෑ – ඇමති කිරිඇල්ල

colombotoday