Colombo Today Local News

ආණ්ඩුව අපේ සාමාජිකයින්ව සල්ලිදීලා ගන්න හදනවා – දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ ගනේෂන් කියයි

දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය දෙකඩ කිරීමටත් එම පක්ෂයේ සාමාජිකයින්ව මිලදී ගැනීමටත් වත්මන් ආණ්ඩුව උත්සහා කරමින් සිටින බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ පිරිසක් ආණ්ඩුවට එක් කර ගැනීමේ උත්සහායක් පවතින බවට සිදුවන මාධ්‍ය වාර්තා පිළිබඳව ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කීය.

සිය සන්ධානය දෙකඩ කිරීමට උත්සහා කරන කිසිවෙකුටත් සමාව නොදෙන බවද ඔහු පැවසීය.

දෙමළ ජනතාව මෙය තත්ත්වය තේරුම් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ගනේෂන් මහතා සඳහන් කළේය. එබැවින් මෙරට ජනතාව මෙන්ම විදෙස්ගතව ජීවත් වන දෙමළ ජනතාවත් තමන්ව තේරුම් ගනු ඇතැයි විශ්වාස කරන බව පැවසු ගනේෂන් මහතා තමන්ට තවදුරටත් සහයෝගය ලබාදෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයට මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි මහජන පෙරමුණ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර පලනි තිගාම්බරම් මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කම්කරු සංගමය හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර වී. රාධාකි‍්‍රෂ්ණන් මහතාගේ නායකත්වයෙන් යුත් කඳුරට ජනතා පෙරමුණ යන දේශපාලන පක්ෂ අයත් වේ.

Related posts

මුලතිව් නීතිඥයෝ අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක්

Admin

බොදු බල සේනා තහනම් නිර්දේශය කුණුකුඩයට.. අමාත්‍ය අනුකමිටු වාර්තාවෙන් තීරණය වෙයි

colombotoday

හම්බන්තොට නිවාස අහිමි වූ පවුල් 97කට රජයෙන් ඉඩම්

Admin

මහින්දට අනතුරු ඇගවීමක් !!

colombotoday

“මේ ආණ්ඩුව ආනිසා ප්‍රජාතන්ත්‍රවාදය තියනවා.. දැන් අපට ඕන දේ කරන්න පුළුවන්“ – විග්නේෂ්වරන්

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ දී සැකකරුවන් 376ක් අත්අඩංගුවට

colombotoday