Colombo Today Local News

යුද අධිකරණය පවත්වා හමුදාවට දඩුවම් දෙනු… සංහිදියාව පසුව හදමු

සංහිදියාව ඇති කිරීමට පෙර උතුරේ දෙමළ ජනතාවට යුක්තිය ඉටුවිය යුතු බවත්, එසේ වීමටනම් යුද අපරාධ පරීක්ෂණ කඩිනම් කර චූදිතයන්ට දඩුවම් පැමිණවීම අනිවාර්ය බවත්, ඒ සදහා යුක්තිගරුක සිංහල නායකයන් එක්විය යුතු බවත් උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් පවසයි.

‘ජන සංහාර සැමරුම‘ නමින් නම්කර තිබූ සැමරුම් මාළාවේ අවසාන උත්සවය ඊයේ මැයි 18 මුලතිව් මුල්ලිවයිකාකාල් හී කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මැරුම් කෑ ස්ථානයේදී පැවති අවස්ථාවේ උත්සව සභාව අමතමින් උතුරු පළාත් මහ ඇමතිවරයා මේ බව කියා සිටියේය.

සංහිඳියාව වෙනුවෙන් කිසිසේත්ම යුද අපරාධ පරීක්ෂණය අතහළ නොහැකි බවද විග්නේෂ්වරන් මහඇමතිවරයා එහිදී දැඩිව අවධාරණය කළේය.

Related posts

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

සුජීව සේනසිංහ මෙන්ඩිස් සමාගමෙන් මුදල් ගෙන ඇත්තේ මැතිවරණයට පසුවයි. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්?

colombotoday

බිලියන 15 කට අධික බදු අදායමක් අහිමි වූ සීනි වංචාව ගැන තවත් පැමිණිලි 2ක් අල්ලස් කොමිසමට

colombotoday

සිලාවතුරේදී නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග දෙදෙනෙක් නාවික හාමුදා භාරයට.

colombotoday

පොහොය දිනවල උපකාරක පංති නවතයි

colombotoday

“පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ” සිරගතකල බුද්ධි නිලධාරීන්ගේ මාපියන්ගේ කදුළු කතාව

colombotoday