Colombo Today Local News

“රත්නපුරේදී පොලිස්පති ‘සර්‘ කියා ඇමතුවේ ඉස්කෝලෙ සර් ටයි“ – කිරිඇල්ල

kiriella0023

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා රත්නපුරයේ පැවති උත්සවයක් අතරතුරදී දුරකථනයෙන් “සර්“ කියමින් පිළිදුරු දුන්නේ ඔහුගේ පාසැලේ ඉගැන්වූ ගුරුවරයාට විය හැකි බව ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමන්ද තවමත් පාසැලේ ඉගැන්වූ ගුරුවරුනට ‘සර්’ කියන බවද කී ඇමති කිරිඇල්ල එම ඇමතුම දුන්නේ ඇමතිවරයෙකු යයි පූර්ව අර්ථකතන මත පිහිටා සැක කිරීම ආසාධාරණ බවද කියා සිටියේය.

කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස පෙරේදා දිනයේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටියදී පොලිස්පති පූජිත ජයසුන්දරට ලැබුණු දුරකථන ඇමතුමක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූණු අතර එලෙස උපදෙස් දී ඇත්තේ ඇමති සාගල රත්නායක විසින් බව වාර්තා වෙයි.

දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩිෂාන් වික්‍රමසිංහ ඛණිජ වැලි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ හා එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරද්දී සිදුව ඇතැයි කියන රාජ්‍ය මුදල් අවභාවිතය, ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්‍ෂණ කෙරෙමින් ඇත.

ඇමති සාගල රත්නායක විසින් පොලිස්පතිවරයාට අමතා ඇත්තේ ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමට බව ජවිපෙ නායක අනුර දිසානායක මහතාද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Related posts

PCR පරීක්ෂණ සිදු කළ හැකි අධිතාක්ෂණික රසායනාගාර 5 ක්

colombotoday

රාජාංගනය Lockdown

colombotoday

විග්නේශ්වරන් උතුරට, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලයක් ඉල්ලයි.

colombotoday

දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩි වෙයි

colombotoday

මුල්ලිකුලම් නාවික කදවුර ඉවත් කරන්නැයි TNA මෙහෙයවීමෙන් විරෝධතා

colombotoday

ජනාධිපතිතුමාගේ ආදර්ශයට අනුව අරපිරිමැස්මෙන් කටයුතු කරනවා. වැඩබාර ගනිමින් මහින්ද අමරවීර කියයි

colombotoday