Colombo Today Local News

කොළඹ ජංගම වෙළෙඳාම කළ හැක්කේ කොව්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වෙළෙඳුන්ට පමණයි

නිරෝධායන ඇදිරිනීතිය කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම කළ හැක්කේ කොව්ඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදෙන ඇති වෙළෙඳුන්ට පමණක් බවත් එන්නත් මාත්‍රා දෙකම නොගත් පුද්ගලයන් ජංගම වෙළෙඳාමේ නිරත වුවහොත් නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

නිරෝධායන සමයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව සැපයීම සඳහා මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තිබෙන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13 ආවරණය වන පරිදි ජංගම වෙළෙඳුන් 12,294 ක් ද තොග වෙළෙඳසල් 1,489 ක් ද ලියාපදිංචි කර බෙදාහැරීම් මාර්ග 2345ක් හඳුනාගෙන ඇති බවත් යසරත්න මහතා සදහන් කරයි.

Related posts

ප්‍රංශ ණය යෝජනා ක්‍රමය යටතේ ඉදි කෙරෙන කිරි කම්හලක් වාරියපොල විවෘත කෙරෙයි

Admin

දිවයින පුරා සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් හෙට සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක්

colombotoday

ක්‍රෙඩිට් කාඩ්, රන් ණය පොලි අනුපාත පහතට

colombotoday

එජාප සංවිධායකවරයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

ජවිපෙ දැන් බෙදුම්වාදීන්ගේ හොර අඹුව වෙලා.. මැක්කා විසින් බලු වලිගය වනවන තැනට ඇවිත්

colombotoday

ඇල්පිටියේ නිවසක බෝම්බ පිපිරීමක්

colombotoday