Colombo Today Local News

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන තත්වයක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළදී, අඩුපීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරන බව අපේක්ෂා කරයි.

මේ අතර ඌව, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Related posts

මිස්ටර් බදුර්දීන් නම්බුව තියාගෙන දැන් යන්න – ඥානසාර හිමි

colombotoday

සරලම තැනින් පටන් ගන්න. ෆයිල් එකේ තියෙන සැලසුම් බිමට ගේන්න : ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට කියයි

colombotoday

GSP+ ගන්න යුරෝපා සංගමයේ කොන්දේසි 58ට රජය එකග වේ

colombotoday

“යහපාලනය නිසා උතුර දැන් සාමකාමීයි.. එනිසා මෙහෙට හමුදාව ඕන නෑ“ – විග්නේෂ්වරන්

colombotoday

“අන්තවාදී ඉල්ලීම්වලට ඉඩ නෑ.. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නෙත් නෑ“ – ආරක්ෂක ඇමති

colombotoday

විදුලි රැහැනක් ඇද ඇතා මරුවැයි ගොවියා අත්අඩංගුවට

Admin