Colombo Today Local NewsUncategorized

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදේශක මණ්ඩලයක් පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්ව‍යෙන් යුත් මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරුන් පත් කර ඇති බවයි.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විඳින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබාදීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබාදීම මෙම මණ්ඩලයෙන් අපේක්ෂිත ය.

දීර්ඝ කාලයක සිට උපදේශක මණ්ඩලයක් පත් කර නොතිබීම හේතුවෙන් මෙතෙක් සිරගතව සිටින පිරිසට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොතිබූ බවත් මෙම උපදේශක මණ්ඩලය පත් කිරීමත් සමග එම සිරකරුවන්ට ඔවුන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

Related posts

සංහිදියාවට බාධා කරන කුරණයේ ඉගැන්වීම් ගැන බොදුබලේ උලමාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

හිටපු ඇමති හයකට වැඩ වරදියි?

Admin

රාජ්‍ය ආයතනවල ‘නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී’ අනුමැතිය ලබා ගැනීමට කමිටුවක්

colombotoday

කඨින පෙරහැරට මද්රසාවෙන් ගල්මුල්.. ලෙබ්බේ සමාව ගනී.. මහ සගරුවණේ කරුණාවෙන් මහ ගැටුමක් නවතී

colombotoday

රොහාගේ මරණය සමරන්න ගිය කුඩු අංජුගේ සහෝදරිය රිමාන්ඩ්

colombotoday

‍රනිල්ගේ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ගෙනයන්න අනුර එකඟ වුනා

Admin