Colombo Today Local News

ජනපතිගේ චෝදනාවට හිටපු ජනපතිගෙන් චීනයේ සිට පිළිතුරු.. “වහාම පරීක්ෂණයක් පවත්වන්න“

mr-msපසුගිය ජනාධිපතිවරණයට පෙර දින මාතර නිල්වලා යෝජනා ක්‍රමය වෙනුවෙන් මහා භාණ්‌ඩාගාරය රුපියල් මිලියන 3012 ක චෙක්‌පතක්‌ නිකුත් කර ඇත්නම් වහාම ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා චීනයේ බීජිං නුවර සිට ප්‍රකාශ කළේය.

ඉකුත් ජනාධිපතිවරණයේ තීරණාත්මක අවධියේ තමන් අමාත්‍යාංශවල කටයුතු පිළිබඳව අවධානය යොමු නොකළ බව මෙහිදී සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා කවරකු හෝ වගකීම් විරහිත අන්දමින් එවැන්නක්‌ සිදුකර තිබේ නම් කඩිනම් පරීක්‍ෂණයක්‌ මගින් ඒ සියලු තොරතුරු හෙළි කරගෙන ඊට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගත යුතු බව ද පැවසීය.

හිටපු ජනාධිපතිවරයා සිය චීන සංචාරය තුළදී මෙම ප්‍රකාශය කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය සෙනසුරාදා (26 දා) ගාල්ලේ පැවැති ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්‌වෙමින් 2015 ජනපතිවරණයට පෙර දිනයේ මහා භාණ්‌ඩාගාරය මිලියන 3012 ක චෙක්‌පතක්‌ නිල්වලා ව්‍යාපෘතියට නිකුත් කර ඇතැයි සිදු කළ අනාවරණය පිළිබඳව අදහස්‌ දක්‌වමිනි.

කවරකු හෝ මෙවැන්නක්‌ කර තිබේ නම් එය කාගේ නියෝගයෙන් සිදු කළේදැයි යන්න අනාවරණය කරගෙන ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීම රජයේ වගකීමක්‌ බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

මාධ්‍යවේදියෙකුට බලපෑම් කළ නියෝමාල් රංගජීවට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

colombotoday

අළුත් ව්‍යවස්ථාවෙන් උපරිමයෙන් බලය බෙදා ගන්න දෙමළ-මුස්ලිම් සාකච්ඡා

colombotoday

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

colombotoday

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි

Admin

විඩියෝ කරන්න දුන්න නිදහසින් අයුතු ප්‍රයෝජන අරගෙන

Admin