Colombo Today Local News

මිය ගිය අයකුගේ ස්මාරකයකට තහනම් දැමීමට පොලිසියට නොහැකි. ගජෙන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා…

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාසා ගජෙන්ද්‍රන් මන්ත‍්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම හා ඔහුට ම්ලේච්ඡ ආකාරයට හිරිහැර කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිය අප‍්‍රසාදය පළ කරන බව එම පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා 23 දා පැවසීය.

කිසිදු ආක‍්‍රමණයකින් තොරව, සෙනඟක් නොමැතිව, කොරෝනා ආරක්ෂ නීති රීති උල්ලංඝනය නොකර, මහජන නියෝජිතයකු විසින් සිදු කරන ලද සැමරුම් උත්සවය සඳහා පොලිසිය කටයුතු කළ ආකාරය ඉතා බරපතළ බව ප‍්‍රකාශ කරන සුමන්තිරන් මන්ත‍්‍රීවරයා මියගිය පුද්ගලයකුගේ ස්මාරකයකට තහනම් දැමීමට පොලීසියට නොහැකි බවද කියා සිටියේය. පොලිස් නිලධාරීන් සාමාන්‍ය ජනතාව ඉදිරියේ මන්ත‍්‍රීවරයාගේ ගෞරවයට විශාල හානියක් සිදුවන ආකාරයට කටයුතු කොට ඇති බවද පැවසීය. ප‍්‍රජාතාන්ත‍්‍රීය රටක සිදුවන මෙවැනි ක‍්‍රියා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මීට පෙරද රජයට පක්ෂයේ අප‍්‍රසාදය පළ කළ බව කියා සිටි සුමන්තිරන් මන්ත‍්‍රීවරයා සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම හා ඔහුට හිරිහැර කිරීම පිළිබඳවද පක්ෂයේ අප‍්‍රසාදය හා විරෝධය පළ කරන බව සඳහන් කළේය.

Related posts

ආපන ශාලාවක ගින්නකින් කොකියක් මිය යයි

colombotoday

ආණ්ඩුව සැරසෙන්නේ පාර්ලිමේන්තු භූමදානයකටද?

Admin

ගෑස් නැවක් කොළඹ වරායට. මුදල් ගෙවයි. – කෙරවලපිටිය ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිතයි.

colombotoday

රජයේ වාහනයක් ගෙදර ගෙනියලා.. ඇමති ෆවුසිට නඩු !

colombotoday

හොර එළිකර නිසා කීර්ති නාමයට කෙළෙසිලා.. බැදුම්කර බෑණා බිලියන 10ක් වන්දි ඉල්ලයි

colombotoday

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday