Colombo Today Local News

හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබේ !

හම්බන්තොට වරාය බදු දීමට අදාළ සංශෝධිත ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අනුමැතියට පෙර හම්බන්තොට වරාය තෙල් ටැංකි තෙල් සංස්ථාවට බාරදෙන්නැයි ඉල්ලමින් ඛනිජ තෙල් සේවකයන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක්ද ආරම්භ කර තිබෙනවා.

සංශෝධිත ගිවිසුම අනුව හම්බන්තොට වරායේ කොටස්වලින් 80%ක් චයිනා මර්චන්ට් සමාගමට ද ඉතිරි 20% ශ්‍රී ලංකා වරාය අධිකාරියටද වශයෙන් වසර 80ක කාලයක් සදහා බදු දීමට යෝජනා වී ඇති බව ආරංචි මාර්ග පවසයි.

මේ අතර නව සමාගම් දෙකක් පිහිටුවීමට යෝජනාවී ඇති තර, වරායේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, ව්‍යාපාර පාලනය චීන සමාගමටත් පැවරෙන අයුරින් මෙම සමාගම් දෙක පිහිටුවීමට යෝජනා වී ඇත.

Related posts

ජනාධිපතිවරණයට සූදානම් බව ගෝඨාභය නැවතත් තහවුරු කරයි…

colombotoday

අපෙන් කන පලාගන්නේ නැතුව බල්ලව බැඳලා දා ගන්න. රන්ජන්ගේ කතාවට ඥානසාර හිමි රනිල්ට කියයි

colombotoday

ආණ්ඩුව හා අයි.එම්.එෆ් අතර සාකච්ඡාවල ඩෙඩ්ලොක් එකක් ?

Admin

විජේදාස රාජපක්ෂට ඇගිල්ලේ තරම දැනගන්න පුලුවන් වෙයි. | රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday

උතුරේ සේවයට දෙමළ පොලිස් නිළධාරීන් 400 ක් බදවා ගැනේ

colombotoday

‘එක රටක් එක නීතියක්‘ බලකායට පොළොන්නරුවෙන් යෝජනා රැසක්

colombotoday