Colombo Today Local News

ධීවර සංස්ථාව තවත්නම් කරගෙන යන්න බැරිවෙයි.. විකුණනවාද? අවසන් තීරණය අගහරුවාදා

ලංකා ධීවර සංස්‌ථාව මේ වන විට වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි පාඩු ලබන රාජ්‍ය ආයතනයක්‌ බවට පත්ව තිබෙන නිසා සංස්‌ථාව තවදුරටත් මෙලෙස පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ කැබිනට්‌ මණ්‌ඩලය අඟහරුවාදා (09 වැනිදා) අවසාන තීරණයක්‌ ගැනීමට නියමිතය.

මේ වනවිට ධීවර සංස්‌ථාවේ සිටිය යුතු සේවක පිරිස 642 ක්‌ වුවත් එහි සේවකයන් 1113 දෙනකු සේවය කරන බව ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම අතිරික්‌ක සේවක පිරිස ඉවත් කිරීමට අදාළව යෝජනා කර ඇති ස්‌වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවටද යහපත් ප්‍රතිචාර නොමැති නිසා ලංකා ධීවර සංස්‌ථාව පිළිබඳ අවසන් තීන්දුවක්‌ වහාම ගත යුතුව ඇතැයිද ඇමැතිවරයා කියා සිටී.

පසුගිය මාස අට තුළ රුපියල් මිලියන හත්සියයක මුදලක්‌ මහා භාණ්‌ඩාගාරයෙන් ලබාගෙන සංස්‌ථාව පවත්වාගෙන ගිය බවත් වැටුප් ගෙවීමට පමණක්‌ ඉන් රුපියල් මිලියන 210 ක මුදලක්‌ වැය වී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කොට අවසාන තීරණය ගැනීමට කැබිනට්‌ මණ්‌ඩලය වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කරන බවද ඒ අනුව සංස්‌ථාව සම්බන්ධව රජය තීරණයක්‌ ගනු ලබන බවද ඇමැතිවරයා කියා සිටී.

– දිවයින

Related posts

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉවත්වන්නැයි ඇමැති කියයි

colombotoday

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

colombotoday

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

Admin

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday

මේ වසර අවසානයට පෙර මත්තලත් චීනයට !

colombotoday

ගෝඨාගේ පුරවැසි අහෝසිය ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් සහතිකයක්… සියළු චෝදනා හාන්සියි !

colombotoday