Colombo Today Local News

යාපන සරසවි ගුරු, සිසුන් මියගිය කොටින් සමරයි.. යාපනේ කිළිනොච්චියේ අද හෙට මහ සැමරුම් !

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය නිමිත්තෙන් මිය ගිය කොටි සාමාජිකයන් සමරණ “මහවිරු“ දින සැමරුම් උළෙලක් ඊයේ (25) යාපනය විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි.

ඒ සදහා විශ්වවිද්‍යාල ආචාර්යරුන්, ශිෂ්‍යයන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී විය. යාපනය විශ්ව විද්‍යාලයේ කයිලාසපති ශාලාවේ දී ඉටි පහන් පත්තු කරමින් සැමරුම් උළෙල පැවැත්වෙද්දී සිවිල් ඇදුමින් සැරසුණු පොලිසියේ පිරිසක් ශාලාවෙන් පිටත සිටිනු දක්නට ලැබිණි.

ඔවුන් පහන් සහ ඉටිපන්දම් දල්වන ලද්දේ එල්. ටී. ටී. ඊ. නිල ලාංඡනය වූ නියඟලා මල් තුනක්‌ සහිත වූ පින්තූරයකටය.

ඊයේ සහ පෙරේදා දිනයේදී යාපනය විශ්වවිද්‍යාලයේ සහ යාපනයේ ප්‍ර දේශ කිහිපයක් ප්‍රභාකරන්ගේ රුව සහිත පොස්ටර් ප්‍රදර්ශනය කර තිබිණි. “ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරමින් මහවිරුවන් සැමරීමට එක්වෙමු“ යැයි ඒවායේ සදහන් කර තිබිණි.

මේ අතර අද සහ හෙට දිනයේද යාපනය සහ කිළිනොච්චිය ප්‍රදේශ කිහිපයක සැමරුම් සංවිධානය කර තිබෙන බව වාර්තා වේ. යතුරු පැදි 50කට අධික සංඛ්‍යාවකින් පැමිණි පිරිසක් කිළිනොච්චියේ එල්.ටී.ටී.ඊ සොහොන් බිමක් ශුද්ධ පවිත්‍ර කර ඇති අරත එහි වීඩියෝ දර්ශනද අන්තර්ජායේ ඵලකර ඇත.

කොටි සැමරුම් පැවැත්වීමට ඉඩ නොදෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කර තිබිණි.


Related posts

භූ විද්‍යා හා පතල් කාර්යාංශය බලපත්‍ර දීමේදී වූ බරපතළ දූෂණ රැසක තොරතුරු අනාවරණය වෙයි

Admin

බුත්තල නගරයේ සියලු වෙළෙඳසැල් වසා දැමේ

colombotoday

රුසියා භූමි හමුදා ප්‍රධානී හෙට දිවයිනට

colombotoday

කිලෝ 80ක් බර තවත් නිල් මැණික් පොකුරක් රත්නපුරෙන් හමු වෙයි

colombotoday

ලසන්ත වික්‍රමතුංග භාවිතා කලේ රනිල් වික්‍රමසිංහයි – අහිම්සා වික්‍රමතුංග චෝදනා කරයි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ උඩුමහලින් වැටී මිය යයි !

colombotoday