Colombo Today Local News

සාම්පූර් සිද්ධිය මුල්කරගෙන ජනපති අපහසුතාවට පත්කිරීමේ සැළසුමක් ඇත්දැයි අගමැති හොයයි

ranil mithre 25

ජපානයේ නයෝගාහි ජී 7 ලෝක නායක සමුළුවට සහභාගි වෙමින් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රි ලංකා නියෝජිතයින් අපහසුතාවට පත් කිරීමටත්, ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් පෙන්වීමටත් ත්‍රිකුණාමලයේ සාම්පුර් මහා විද්‍යාලයේ ඇති වු සිද්ධිය මුල් කැර ගනිමින් සැලසුම් සහගත වැඩ පිළිවෙළක් තිබුණේදැයි සොයා බලන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක ප්‍රධානීන්ට ඊ‍යේ (27) නියෝග කර ඇත.

නැ‍ඟෙනහිර මහ ඇමැති මුල් කැර ගනිමින් ත්‍රිකුණාමලය සාම්පුර් සිද්ධියට නොයකුත් අර්ථකතන දෙමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත් කෙරෙන සියලු වාර්තාද අදාළ පරීක්ෂණ සඳහා යොදා ගන්නා ලෙසද අගමැතිවරයා උපදෙස් දී තිබේ.

ත්‍රිකුණාමලය සාම්පුර් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අගමැති වික්‍රමසිංහ මහතා නැ‍ඟෙනහිර මහ ඇමැති හෆිස් නසිර් අහමඩ් මහතාගෙන් මෙන්ම නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න මහතාගෙන් වෙන වෙනම වාර්තා කැඳවා තිබෙන අතර ඒවා පදනම් කැර ගනිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරි‍සේන මහතා හා සාකච්ජා කිරීමෙන් පසුව සිද්ධියට‍ අදාළව තීරණ ප්‍රකාශයට පත් කිරීමටද නියමිතය.

Related posts

ආසියානු දැල් පන්දු කිරුළ ශ්‍රී ලංකාවට….

colombotoday

වද සැත්කම් චූදිත වෛද්‍ය සාෆි ගැන ගැන සීඅයිඩිය අලූතින් පරීක්‍ෂණ අරඹයි

colombotoday

ආර්ථිකය ගොඩ ගන්න ඇමරිකානු සමාගමක් ගෙන්වයි.. ඩොලර් මිලියන 3ක් ගෙවන්න කැබිනට් අනුමැතිය

colombotoday

විදේශ ඇමති රට පාවා දුන්නා.. මානව හිමිකම් වාර්තාව එන්නේ ආණ්ඩුවේ එකගතාවයෙන් !

colombotoday

කැරොලයින් ජූරිගේ කිරුළ දෙවන ස්ථානය හිමිවු අයර්ලන්තයේ විවාහක රූ රැජිනට

colombotoday

කොලොන්නාවේදී පිරිසක් අහසට වෙඩි තබා විසුරුවයි

Admin