කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශවල රෝගී ජනතාව වෙනුවෙන් නොමිලේ පැවැත්වූ ජංගම වෛද්‍ය සායනයන් දෙසැම්බර් මැද භාගය දක්වා දීර්ඝ කර තිබේ.
කොළඹ, මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ , ජනතාවගේ දැඩි ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි.
කොළඹ මහ නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්මේන්තුව විසින් 2020 නොවැම්බර් 16 වැනිදා සිට කොළඹ හුදෙකලා ප්‍රදේශවල බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව මූලික කරගෙන මෙය සංවිධානය කර තිබුණි.
එම ජංගම වෛද්‍ය සායනයන්වල තොරතුරු පහත පරිදි වේ.