Colombo Today Local News

කොළඹ – මීගමුව අවට වෙරළ තීරයට ගොඩ ගසන දේවල් අල්ලන්න එපා – එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන දැනුම්දීමක්

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ විසිවන ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එවැනි දේ ස්පර්ශ කිරීමෙන් හෝ විවෘත කිරීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස එම ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම යම් දෙයක් නිරීක්ෂණය වුවහොත් ඒ බව ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ පොලීසියට දැනුම්දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම්දෙයි.

මෙම නෞකාවේ සිදුවූ පිපිරීමත් සමග කන්ටේනර් 8ක් පමණ මුහුදට වැටී ඇති බව වාර්තා වේ.

එම කන්ටේනර් තුළ පිපිරීමට ලක්විය හැකි ද්‍රව්‍ය අඩංගු බැවින් එය ඉතාමත්ම අනතුරුදායක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කැලණි ගං මෝයේ සිට මා ඔය මෝය දක්වා වූ වෙරළ කලාපය තුළ එම ද්‍රව්‍ය පා වෙමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙයි.

මේ අතර නෞකාවේ පවතින ගින්න පාලනය කිරීමට සහායවීම සඳහා ඉන්දීය සහන කණ්ඩායමක් ද යොමුකර ඇත.

ඒ සඳහා ටග් යාත්‍රාවක්, ඉන්දීය වෙරළ ආරක්ෂක යාත්‍රාවක් සහ ඩෝනියර් ගුවන් යානාවක් ද යොමුකර තිබේ.

නාවික හමුදාව සඳහන් කරන්නේ, නෞකාවේ ඉදිරිපස ඇතිවූ ගින්න මේ වනවිට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතින බවය.

පවතින දැඩි සුළං ප්‍රවාහය ගින්න තවත් වර්ධනයවීමට හේතුවී තිබේ.

මේ වනවිට නෞකාවේ සිටි කාර්යමණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇති බවද නාවික හමුදාව පවසයි.

Related posts

බස් ගැමුණුට බැහැ දොස්තරලා හිරේ යවන්න.. සයිටම් තීන්දුව ඉදිරියේදී වෙනස්විය හැකියි !!

colombotoday

උණුකරගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් බීමට ගන්න

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට උපදේශක සභාවේ අනුමැතිය

colombotoday

වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති.

colombotoday

ලංකාවේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්තයෙක් ගැන ඉන්දීය බුද්ධි අංශ හෙළිකරයි !

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට ඇරයුමක්

colombotoday