Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති බැඳුම්කර නඩුවක් කල්යයි

2015 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික බැදූම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුනි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද (05)දින චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණි.

එහෙත් වර්තමානයේ පවතින කොවිඩ් වෛරස ව්‍යප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත්කර තිබෙන චක්‍රලේඛය ප්‍රකාරව මෙම නඩුව ජුනි මස 7 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළ බව එම අධිකරණයේ ලේඛකාධිකාරී විසින් නිකුත්කර ඇති නිවේදනයේ සඳහන් වේ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන් ඇලෝසියස් ,එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන අය නම්කර තිබේ.

ඊට අමතරව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ මිත්‍ර ගුණවර්ධන, රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන අයද විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා සිදුකළ බැඳුම්කර වෙන්දේසියට අදාළව රුපියල මිලියන 688 කට ආසන්න භාණ්ඩාගාර බැඳුම්කර වංක සාවද්‍ය පරිහරණය කිරීමත්, පොදු දේපල පනතේ 5 (1) වගන්තිය යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Related posts

අක්කර භාගයක කංසා හේනකට ගිනි තියයි

colombotoday

වසන්ත මුදලිගේ අධිකරණයට රැගෙන එයි

Admin

පළාත් සභා මැතිවරණය පමාවීම ගැන මැකෝ රනිල්ට සහ කරූට ලියයි

colombotoday

මාරවිල, තොඩුවාවේදී මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයාගනී

colombotoday

ඝන සෙන්ටිමීටරයේ පටන් බදු අයකෙරෙන කාබන් බද්ද හෙට සිට ක්‍රියාත්මකයි

colombotoday

අපේ ප්‍රශ්න කියන්න ගියාම ජනපතිගේ ප්‍රශ්න අපට කියනවා.. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණ වගේ

colombotoday