World

“ට්‍රම්ප්ට අකමැතිනම් ඇමරිකාවෙන් පලයල්ලා !“ අධිකරණ විනිසුරුවරයෙක් සංක්‍රමණිකයන්ට කියයි

trump232ඩොනල්ඩ් ට්‍රම්ප්ට අකමැති යමෙක් සිටිනවනානම් ඇමරිකාව අතහැර ඔවුන්ට වෙනත් රටවලට යා හැකි බව එරට ෆෙඩරල් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයෙක් ප්‍රකාශ කර තිබෙනවා.

මෙසේ ප්‍රකාශ කර තිබෙන්නේ විනිසුරු ජෝන් ප්‍රයිමෝමන් නමැති, නව පුරවැසියන් ඇමරිකාවට පිළිගැනීමේ වැඩසටහන 1089 පටන් මෙහෙයවන විනිසුරුවරයෙකි. ඔහු විසින් මේ වන විට නව පුරවැසියන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් දිවුරුම් වැඩසටහන මෙහෙයවා තිබේ. ”ඔහු තමයි ඔබලාගේ අලුත් ජනාධිපතිවරයා. ඔහුට කැමති නැතිනම් ඔබලාට වෙනත් රටකට යන්න සිද්ධ වෙනවා” යැයි ඔහු එහිදී කියා තිබේ.

ඊට අමතරව ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකාව තුළ ක්‍රියාත්මක වන විරෝධතා ද ඔහු විසින් විවේචනය කර තිබේ. ඇමරිකානුවන් වශයෙන් අලුත් පුරවැසියන් එක්සත් වීමේ වටිනාකම තම ප්‍රකාශයෙන් අදහස් කළ බව ඔහු කියා තිබේ.

Related posts

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

Admin

උතුරු කොරියානු නායකයාට පර්යේෂනණාත්ම එන්නකක් චීනයෙන් එන්නත් කරයි

colombotoday

බංග්ලාදේයේ පල්ලියක් අසල තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්

Admin

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

colombotoday