Colombo Today Local News

රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ නඩුව : බැසිල් නිදොස් කොට නිදහස්

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30) නියෝග කළේය.

2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ද මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණි.

Related posts

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් නිදහස් දින සැමරුමට ලබන සතියේ මෙරටට

Admin

ආහාර අහේනියක්… සහල්, අත්‍යවශ්‍ය ආහාර රටින් ගෙන්වන්නැයි ජනපති දන්වයි !

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන්

colombotoday

ජනපති සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති අතර හමුවක්

Admin

සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් කිලෝ 160 ක් !

colombotoday

අගමැති ලේකම් කාර්යාලයේ වියදම් කපන යෝජනාව ඡන්ද 123කින් සම්මතයි

colombotoday