Colombo Today Local News

හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණොත් රජයේ සහයට ඉන්දියන් හමුදාව !

sb disanayake 233මෙරට හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවීමේ කිසිදු ඉඩකඩක් නැතැයි දැඩිව විශ්වාස කරන බව ඇමති එස්.බී. දිසානායක මහතා  ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ රටතුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් මර්දනය කළහොත් හමුදා කුමන්ත‍්‍රණයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් (19) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය පිළිබදව අදහස් දක්වමිනි.

ඉන්දියාව සමග මිත‍්‍රව සිටින තාක් එවැනි දෙයකට කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයිද ඔහු සදහන් කළ අමාත්‍ය වරයා  යම් හෙයකින් එවන් කුමන්ත‍්‍රණයක් සිදු වුවහොත් එය මැඩලීම සදහා ඉන්දියාවෙන් නැවු දෙකක් එවීම පමණක් ප‍්‍රමාණවත් බවද අවධ‍ාරණයකර සිටියේය.

Related posts

කලු කොටි සමරා යාපනය සරසවියේ තැන තැන පෝස්ටර් ඇලවෙයි

colombotoday

පිරවුම්හලක කලහකාරී ලෙස හැසිරුණු 13ක් යතුරු පැදි 20ක් සමග අත්අඩංගුවට

colombotoday

ක්‍රිකට් තරගයට පෙර ලංකාවට ඇවිත් නිරෝධායනය වෙන්න බංග්ලාදේශය අකමැති වෙයි

colombotoday

ජාත්‍යන්තර පාසලක සඟවා තිබූ අල්-කුරාන් පොත් 15000 කට සීල් තබයි.

colombotoday

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කොවිඩ් එන්නත් මාත්‍රා 30 ක් හොරකම් කරලා

colombotoday

ලුතිනන් කර්නල් ශම්මි සිර ගෙදරින් රෝහලට

colombotoday