Colombo Today Local News

පැෂන් බග් ගින්න : CCTV දෙන්න බෑම කියයි.. පොලීසිය බලෙන් අරන් යයි !

235gfgdබොරලැස්ගමුව, පිපිලියානේ පිහිටි ෆැෂන් බග් ගබඩා සංකීර්ණයේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදුවන බව වාර්තා වනවා.

ඊයේ දිනයේදී කොළඹ නගරයේ ජල කැපීමක් සිදුව ඇති බැවින් ගින්න මැඩ පැවැත්වීමට ගනිනිවන හමුදාව හා ප්‍ර දේශවාසීන් මහත් වෙහෙසක් ගෙන තිබෙන අතර ගිනි ගැනීම ආරම්භ වී සුළු මොහොතකින් හිටපු පළාත්සභා මන්ත්‍රී අසාත් සාලි, ඇමති ෆයිසර් මුස්තාපා ඇතුළු දේශපාලනඥයන්ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

පොලිස් පරීක්ෂණ සදහා අවශ්‍ය සාක්ෂි ලබා ගැනීම සදහා ගින්න ඇතිවන අවස්ථාවේ එම ගබඩා සංකීර්ණයේ CCTV කැමරා පද්ධතියේ දර්ශන ලබාදෙන ලෙස පොලීසිය ඉල්ලා තිබෙන අතර ෆැෂන් බග් ආයතනයේ නිලධාරීන් එම දර්ශන ලබා දීම දැඩිව ප්‍රතික්ෂේප කිරීම නිසා බහින්බස්වීමක්ද හටගෙන තිබෙනවා. පසුව පොලීසිය මැදිහත්වී වැඩිදුර පරීක්ෂණ සදහා එම දර්ශන ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ ගිනි ගැනීම බාහිර කිසිවෙකු විසින් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවට තහවුරු වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුරටත් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.

බාහිර පාර්ශවයක් මත චෝදනා එල්ල කිරීම හෝ රක්ෂණාවරණය ලබා ගැනීම සදහා මෙය හිතාමතා සැලසුම් කරන ලද්දක්දැයි මේ වන විට සැක මතුව තිබෙනවා.

Related posts

“යහපාලනය හරියට කරනා හැටි මා දනී.. වහාම ඇමති සංශෝධනයක් ඕනෑ“ – මහාචාර්ය සරත්

colombotoday

හත් ලක්ෂයක මාසික කුලියට වාහන දෙනවාට හරස්වූ බෝපගේට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීන් අවි අමෝරයි

colombotoday

බ්‍රැන්ඩික්ස් ආයතනයට එරෙහිව වහා අපරාධ විමර්ශනයක් ආරම්භ කරන්න | නීතිපතිගෙන් පොලීසියට නියෝග

colombotoday

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ

colombotoday

“ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා”– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්

colombotoday