Colombo Today Local News

විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ හමුදා මැදිහත්වීමක් ඉල්ලයි

23232උතුරේ නිසි පාලනයක් නැති බව දක්වමින් එක්සත් ජාතින්ගේ සාම හමුදාවක් මේ රටට ගෙන ඒමේ අරමුණින් උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් උතුරට ජාත්‍යන්තර මැදිහත්වීම ලබාදෙන්නැයි පොදු රාජ්‍ය මණ්ඩළ කටයුතු පිළීබඳ නියෝජ්‍ය ඇමතිනී ජොයිස් අනෙලි සාමිවරියගෙන් ඉල්ලා ඇත.එහෙත් විග්නේෂ්වරන්ගේ මෙම ඉල්ලීම කෙරේ බ්‍රිතාන්‍ය අමැතිනිය ප්‍රතිචාර දක්වා නැත.

උතුරට ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සමගාමීව උතුරේ ශ්‍රී ලංකා හමුදාව රැඳී සිටිම ගැනද විග්නේෂ්වරන් ඇයට පැමිණිළි කර ඇත.

උතුරේ මහ ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආර් 2 පී නැමති ක්‍රමවේදයකට අනුවය.

මෙම ක්‍රමවේදය යටතේ රටක ජනතාව ආරක්ෂා කිරීමට රජයට නොහැකි නම් ඊට ජාත්‍යන්තරව මැදිහත් වී එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය හිමිවේ.

උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෘප් කල්ලියේ ක්‍රියාකාරකම් වලට මුවාවි විග්නේෂ්වරන් මෙම ඉල්ලීම කර ඇත.

මෙයට පෙර කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක වූ රාමා මානි එක්සත් ජාතීන්ගේ හමුදාවක් මෙරටට ගෙන ඒමට දැරූ උත්සහය ව්‍යර්ථ වූ අතර ඇයව රටින් පිටුවහල් කර තිබේ.

මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ ආවා ගෘප් කල්ලියට සම්බන්ධ බවට සැකකර අත්අඩංගුවට ගත් 10 දෙනා අතර විග්නේෂ්වරන්ගේ දෙමළ පිබිදීම ව්‍යාපෘතියේ ක්‍රියාකාරිකයෙකුද සිටින බවයි.

දිවයින

Related posts

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි

colombotoday

වියළි මිදි හිස් ඇසුරුම් තුළන් කෝටි 1 1/2ක වියළි කහ මතුවෙයි

colombotoday

දින ගණනක ඉන්ධන පෝලිමකින් ප්‍රධාන මාර්ගයක් ත්‍රීවිල්වලින් වැසෙයි

colombotoday

ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වූ කිරි ගවයන්ට භයානක ලෙඩ දෙකක්… බ්‍රිතාන්‍ය පර්යේෂණ ආයතනයක් හෙළිකරයි… මිනිසුන්ටත් බෝවීමේ අවදානමක්…

colombotoday

විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

colombotoday

දෙදෙනෙකුට ඇණ ගැසූ කට්ටඩියා කූඩුවට

colombotoday