Colombo Today Local News

“මුස්ලිම් ජනතාවගේ ප්‍රදේශයක බුදු පිළිම තැබීම යහපාලනයට පටහැනියි.. ඉවත් කරනු!“ – මහඇමති නසීර් සැර වෙයි

nazeer-hafiz-0222මුස්ලිම් ජනතාව පාරම්පරිකව ජීවත් වන ඔවුන්ට අයත් ප්‍රදේශයක බුදු පිළිම තැබීම සංහිදියාවට බාධාවක් බවත්, එය යහපාලනයට නොගැළපෙන බැවින් එලෙස පිහිටුවා ඇති බුදු පිළිම වහා ඉවත් කළ යුතු බවත් නැගෙනහිර පළාත් මහඇමති මොහොමඩ් නසීර් හෆීස් පවසයි.

දීඝවාපී පුදබිමට අයත් අම්පාර, මානික්කමඩු, ඉරක්කාමම්හි ඉපැරණි බෞද්ධ නටඹුන් පිහිටි ස්ථානයක බුදු පිළිමයත් තැන්පත් කිරීම සම්බන්ධයෙන් මඩකලපුව, කල්කුඩා හී පැවති උත්සවයකට එක්වෙමින් මහඇමතිවරයා මෙසේ පැවසූ බව “ග්ලෝබල් ටැමිල්“ වෙබ් අඩවිය පවසයි.

සුළු ජාතීන්ට තර්ජණය කිරීමේ වැඩපිළිවෙල යහපාලන ආණ්ඩුව යටතේත් ක්‍රියාත්මක වනවාදැයි සැක මතුවන බව ප්‍රකාශ කර ඇති නසීර් හෆීස් මහඇමතිවරයා, මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන සිංහල දේශපාලකයන් නිහඩව සිටීම හෙළා දකින් බවත් සදහන් කර ඇත. මෙලෙස මුස්ලිම් මෙන්ම දෙමළ ජනතාවද පාරම්පරිකව ජීවත් වන ප්‍රදේශයක බුදු පිළිම තැබීම ඔවුන්ගේ සාමාන්‍ය ජනජීවිතයට බාධාවක් බැවින් වහාම එම ඉදිකිරීම ඉවත් කිරීමට කටයුතු කළයුතු බවටද මහඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

මෙරට වැඩිම බෞද්ධ නටඹුන් ප්‍රමාණයක් විසිරී පවතින්නේ අතීතයේ දිගාමඩුල්ල නමින් හැදින්වූ වත්මන් අම්පාර දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේය. අම්පාර, මානික්කමඩු ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ඇති වර්තමානයේ “මායාකල්ලි“ නමින් හදුන්වන ගල් පර්වතය මුදුනේ පසුගිය දිනෙක භික්ෂූන්වහන්සේලා සහ තරුණ පිරිසක් විසින් බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කර තිබිණි. සිංහල බෞද්ධයන් වාසය කළ මෙම ප්‍රදේශය යුද්ධයත් සමග ජනශුන්‍ය වී ඇති අතර, යුද්ධය නිමාවෙන් පසු මුස්ලිම් සහ දෙමළ ජනතාව එහි පදිංචි කර ඇත. ඓතිහාසික කොන්ඩවටුවාවන සෙල් ලිපිය පිහිටුවා ඇත්තේද මෙම ස්ථානයට නුදුරෙන් වන අතර, ඉපැරණි බෞද්ධ නටඹුන් රාශියක් පැතිරී පවතින මෙම භූමිය මුස්ලිම් ජාතික පිරිස් විසින් පුරාවිද්‍ය සීමා මායිම්ද නොතකා ආක්‍රමණය කරමින් එහි නටඹුන් විනාශ කිරීමට පටන්ගෙන ඇති බැවින්, ඉපැරණි බොදු උරුමය නැවත වරක් තහවුරු කරීම වෙනුවෙන් මෙලෙස බුද්ධ ප්‍රතිමාවක් එහි තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.

Related posts

හඩ පටයෙන් සියල්ල හෙළි වේ… ගිං-නිල්වලා ව්‍යාපෘතියේ ඇමති දෙපළකගේ සුපිරි ගැහිල්ලක් එළියට…

colombotoday

සියලුම පළාත් පාලන ආයතන සඳහා ඉදිකිරීම් සම්බන්ධව එකම බලපත්‍ර ආකෘතියක්

colombotoday

ඇමති සනත් නිශාන්තගේ රියදුරු බීමත්ව සිට නෑ – පරීක්ෂණවලින් හෙළිවුණා

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

අද එන්නත්කරණය මධ්‍යස්ථාන 300 කදී.. | ලැයිස්තුව මෙන්න

colombotoday

ජිනීවා පරීක්ෂණයේදී ලංකාවට බැට දෙන හැටි කියන්න නවනීදන් පිල්ලේ දෙමළ ඩයස්පොරාව කැදවයි, TNA 3 කුත් හොරෙන්ම ගිහින්

colombotoday