Colombo Today Local News

තව්හිද් රාසික්ගේ නීතීඥයා මෛත්‍රී ගුණරත්න, භික්ෂූන් වහන්සේට කී කතාව බුකියේ පත්තු වෙයි

bk232

මාළිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ තව්හීද් ජමාත් නමැති සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මෛත්‍රී ගුණරත්න කළ ප්‍රකාශයක් සමාජ ජාලාවල දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

“කහ සිවුරක් පොරවගත් බෞද්ධ භික්ෂූ නමක් කියන පුද්ගලයෙක් අබ්දුල් රාසික් මහතාට එරෙහිව පැමිණිළි කර ඇති බවට“ මාධ්‍ය හමුවේ ඔහු කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් බොහෝ පිරිස් අදහස් දක්වා තිබෙනවා.

නීතිඥ මෛත්‍රී ගුණරත්න එක්සත් ජාතික පක්ෂයෙන් දකුණු පළාත නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයෙකු වන අතර ඔහු මේ වන විට අ ලංකා ගල්අගුරු සංස්ථාවේ සභාපතිත්වය දරණවා.

බුදුන් වහන්සේට සහ තිසරණයට අපහාස කරමින් බෞද්ධ ජනතාව කුපිත කර ආගමික නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සහා කිරීම සම්බන්ධයෙන් තව්හිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික්ට එරෙහිව පවර ඇති නඩුවේ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේද නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතායි.

සමාජ ජාලාවල සංසරණය වන වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1234478923257050/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

හිටපු ඇමති නාමල් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළකමින් අතුරු තහනමක්

colombotoday

රිෂාඩ්ගේ කාලේ සතොසේ සිදුව ඇති බිලියන ගණනක වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ ෆයිල් මිටි අතුරුදහන්

colombotoday

ආරක්ෂාව සහ සල්ලි ඉල්ලා රජයේ මුද්‍රණාලාධිපතිනි ලියුම් ලියයි

Admin

ගංජා ඇද්ද ඇමැති ආරක්ෂක මාට්ටු

Admin

මිළ සූත්‍ර අහෝසියි… පෙට්‍රල්, ඩීසල් මිල පහත දමයි…

colombotoday

වැලිකඩ එල්ලුම් ගහ අත්හදා බලයි.. එල්ලා මරන්න සියල්ල සූදානමින්

colombotoday