Colombo Today Local News

කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් අයදුම් කිරීමට දී තිබූ කාලය දීර්ඝ කෙරේ

මෙම වර්ෂය සඳහා වන කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් අයදුම් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබේ.

එම කාලය පසුගිය 22 වනදා අවසන්වීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමෙන් පසු එම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

ඒ අනුව සැප්තැම්බර් මස 5 වනදා දක්වා කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් සඳහා අයදුම් කිරීමට ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ වනු ඇත.

බැංකු, අයෝජන ආයතන සහ පුද්ගලික ආයෝජකයින්ට අවම වශයෙන් ඩොලර් මිලියන 50 බැගින් වූ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා මහ බැංකුව විසින් මෙලෙස අයදුම්පත්‍ර කැඳවා තිබුණි.

අදාල මූල්‍ය පහසුකම වසරක කාලයක් බලපැවැත්වෙන බවද මහ බැංකුව සඳහන් කළේය.

Related posts

ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

“රාජිතට විරෝධය පා, කොඩි ඔසවන්න”

colombotoday

මාතලේ මහ නරාධිපතිගේ සේවය අත්හිටුවයි

colombotoday

වැඩිපුර බොරු ගජබින්න ඇද බෑ පිරිසක් ගැන නලීන්ගෙන් හෙළිදරව්වක්

Admin

ඇමරිකා ගිය බැසිල් යළි දිවයිනට

colombotoday

බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් ධාවනයෙන් ඉවතට.. ආහාර, ඖෂධ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිටී.

colombotoday