Colombo Today Local News

අන්තවාදයට එරෙහිව සැරට කතා කළ “ඩෑන්“ පොලිස් අත්අඩංගුවට.. නීතීඥ සහයත් නැතිව රිමාන්ඩ් කරයි !

dan-priyasad

මෙරට ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාවලට එරෙහිව දැඩිව අදහස් ප්‍රකාශ කිරීම නිසා පසුගිය දින කිහිපයේ මුහුණුපොතේ ජනප්‍රියව සිටි “ඩෑන් ප්‍රියසාද්“ අද (15) කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 10ක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතීන් අතර සමගියට බාධා වන සේ අදහස් ප්‍රකාශ යැයි චෝදනා කරමින්.

පසුගිය දිනක තව්හිද් ජමාත් නම් සංවිධානයක් විසින් මෙරට ඉස්ලාමීය ශරීයා නීතිය ස්ථාපිත කරන ලෙස බලකරමින් කුඩා දැරියන් විවාහ කරගැනීමේ ආගමික අයිතිය ඉල්ලමින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණු අතර, එහිදී එම සංවිධානයේ ප්‍රධානියා ලෙස පෙනී සිටින අබ්දුල් රාසීක් නමැත්තා මහ සංඝරත්නය ඉලක්ක කරමින් පහත් ලෙස බැණවැදී තිබුණා. එම උද්ඝෝෂණයට එරෙහිව “ඩෑන් ප්‍රියසාද්“ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දැක්වූ අදහස් අන්තර්ජාලයේ ඵලකර තිබුණු අතර එමගින් ඔහු කියා සිටියේ අන්තවාදී අමන ඉස්ලාම් ආගමික නීති ක්‍රියාත්මක කිරීමට මෙරට තුළ ඉඩදිය නොහැකි බවයි.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගතකර ඇත්තේ නීතීඥ සහයත් ලබා ගැනීමට ඉඩ නොදෙමින් බව නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා සදහන් කරයි. ඔහු දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/venjinananda.thero.7/videos/1737805346543894/” width=”500″ height=”400″ onlyvideo=”1″]

[fbvideo link=”https://www.facebook.com/sumangala.pushpakumara/videos/1762951487287470/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

“සර්, ඇත්තටම වංචාවක් වෙලාම නැද්ද” – රන්ජන් කෘත්‍යාධිකාරියේදී අගමැතිගෙන් මූණටම අසයි

colombotoday

මැයි මාසය තෙක් ලැබුණු විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුව කියයි

Admin

විල්පත්තුවේ කිරි ඉබ්බෙකු ඇල්ලු දෙදෙනෙකුට රුපියල් 90,000ක දඩයක්

colombotoday

වාහන ආනයනයට රජයෙන් සම්බාධක… ඉදිරියේදී රට තුළ වාහන හිගයක්…

colombotoday

2025 රට පෝසත් කරනහැටි කියන්න ජනපති, අගමැති කෝටි 25 ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි

colombotoday

ගිනිගත් නැවට ඇතුළුවී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

colombotoday