ජපාන මුහුදට, උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බවට ජපානය සහ අමෙරිකාව චෝදනා කරයි.
ජෝ බයිඩන් අමෙරිකානු ජනපති ලෙස පත්වීමෙන් පසු එවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ. දකුණු කොරියාව සහ ජපානය විසින් එම මිසයිල අත්හදාබැලීම විවේචනය කර ඇත.