Colombo Today Local News

ඇමරිකාව, යුරෝපය ඉන්නව කීවට උදව් කරේ චීනය විතරයි.. මේ අය චීනෙටත් බණිනවා.. බැන බැන ණය ඉල්ලනව

ශ්‍රී ලංකාවට ණයට මුදල් හෝ දීමට සිටියේ චීන රජය බවත් චීන රජයට බැනීමේ ප්‍රතිඵල ශ්‍රී ලංකාවට විදීමට සිදුවෙනු ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මාතර, කඹුරුගමුව, ගරාඬුව ශ්‍රී රතන තිලකාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම නිමිත්තෙන් පෙරේදා (13දා) එම විහාරස්ථානයේදී පැවති උත්සවයේදී අදහස් දක්වමින් රාජපක්ෂ මහතා එසේ පැවසීය.

“අද වන විට රටේ සවර්ධනය ඇණ හිටලා. චීනේ චීනේ කියලා මහා භීතියක් රට තුළ ඇති කෙරුවා, අධිවේගි මාර්ග හදනවා, දුම්රිය මාර්ග හදනවා මේවා ඔක්කොම චීන්නු විසිනුයි කරන්නේ. අපිට ඇමරිකාව යුරෝපය ඉන්නවා කිවුවා. ඔක්කොම කරලා ඉවර වුණාම තමයි තේරුණේ චීනය තමයි සල්ලි ණයට ගන්න හරි තියෙන්නෙ කියලා.

එකත් ගන්නේ චීනයට බැන බැනයි. මේ මිනිස්සු ගාව මනුස්සකම නෑ කියලා හිතෙන්නෙ ඒ වගේ සිද්ධින්වලදීයි. මුදල් ඇමතිවරයා චීනය සම්බන්ධව කළ ප‍්‍රකාශය ඇත්තටම පුදුම හිතෙනවා. තමන්ට ප‍්‍රශ්න තියෙනවා නම් ඒවා කැබිනටි මණ්ඩලය තුළ කතා කරලා විසඳගන්න ඕන. මේවා ප‍්‍රසිද්ධියේ කියන්නේ නැහැ. රටවලට බනින්නේ නැහැ. අපි හැමදාම ගරු කරන රටක් චීනය කියන්නේ. ඒ රටට බැනපුවම එහි ප‍්‍රතිඵලත් විඳින්න වෙනවා කියන එක මතක තියා ගෙන කටයුතු කළ යුතු” යැයි යැයිද පවසා සිටියේය.

Related posts

මම ඉපදුනු රටට යුතුකම් ඉටුකරපු කෙනෙක්‌, ඒ ගැන හිතලා ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්

colombotoday

මෛත්‍රීට කියලම මහින්දව අගමැති කරවනවා – ඩිලාන්

colombotoday

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනයක

Admin

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

උස්වැටකෙයියාවේ දී අස්වර් අත්අඩංගුවට

colombotoday

ජපානයෙන් සෞඛ්‍ය සේවයට ත්‍යාගයක්

Admin