Colombo Today Local News

පරිසර විනාශය ගැන සමාජ මාධ්‍ය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඉහළ ගිහින්. විනාශය ගැන බොරු කිව්වොත් අත්අඩංගුවට ගන්නවා – පරිසර ඇමැති කියයි.

වන විනාශය පිළිබඳ ව්‍යාජ සහ ද්වේශ සහගත තොරතුරු ඉදිරිපත් කරන අයවලුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

රට තුළ යම් පරිසර හානියක් සිදුවී තිබෙන බව පිළිගන්නා බවත්, පරිසරය විනාශ කරන පිරිසට එරෙහිව නීතිමය කටයුතු සිදුකෙරෙන බවද ඔහු කීවේය.

පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (24)දින පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

පරිසර විනාශය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඉහළ ගොස් ඇතැයිද ඇමැතිවරයා පැවසුවේය.

පරිසර විනාශයන් පිළිබඳව සොයා බැලීම සඳහා සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කරගෙන යාන්ත්‍රණයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවත්, වන විනාශයන් පිළිබඳව ජනතාවට තොරතුරු ලබාදීමට හැකි මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.

සෑම ගමකම ක්ෂේත්‍ර නිලධාරීන් හත් අට දෙනෙකු රජය යොදවා සිටියත්, පරිසර විනාශයන් පිළිබඳව තොරතුරු දැනගැනීමට සිදුවී ඇත්තේ මාධ්‍ය හරහා බවද ඔහු පැවසුවේය.

පරිසරයට හානි කරන ලද පුද්ගලයින් 300 කට පමණ නඩු පවරා ඇතැයිද ඇමැතිවරයා සඳහන් කරයි.

පරිසරයට හානි කිරීමට අදාළව නඩු පවරන ලද පිරිස අතර ආනවිලුන්දාව, දහයියාගල යන ප්‍රදේශවල පරිසරයට හානි කරන ලද පිරිසද සිටින බව ඇමැතිවරයා පවසයි. මේ පිරිස අතර ප්‍රාදේශීය දේශපාලනඥයින්, ධනවතුන් සේම බලවතුන්ද සිටින බව ඔහු කීවේය. පරිසරය ගැන මේ දිනවල ආදරයෙන් කතා කරන විපක්ෂ නායකවරයා පසුගිය කාලයෙදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් එළිපෙහෙලි කර නිවාස තැනීමට පවා අවසරය ලබාදී තිබූ බව ඇමැතිවරයා කීවේය.

Related posts

රජයේ සේවක වැටුප් වැඩිකරන්න සූදානමක්?

Admin

හමුදාව, පොලීසිය ගණන් නොගන්නා තැනට පත්වෙලා.. උතුරේ කොටි නැගිටිනවා වගේ

colombotoday

පෙබරවාරි දහ වැනිදායින් පසුව පාරට බහිනවා – ජනපති

colombotoday

ෆ්‍රැන්සින් පාප්තුමන්ගේ විශේෂ දූතයෙක් ශ්‍රී ලංකාවට එයි…

colombotoday

මඩකලපුව රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ වැඩවර්ජනයක්

Admin

අර්ජුන්ට අරක්කු පෙරන්න වී නිකුත් කර ඇත්තේ කැබිනට් අනුමැතියෙන්… හැරිසන්ටත් ගජ වාසි !!

colombotoday