Colombo Today Local News

බියර් බොතල් 25000 ක් සමග කන්ටේනරයක් පෙරලෙයි.

බලන්ගොඩ රත්නපුර ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ මාදොල ප්‍රදේශයේ දි බියර් බෝතල් ප්‍රවාහනය කරමින් තිබුණු කන්ටේනර් රථයක් මාර්ගයේ එක් මංතීරුවකට අද (30)දින පෙරවරුවේ පෙරලීමෙන් විශාල අලාභහානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

බියගම බියර් කර්මාන්තශාලාවක සිට බදුල්ල ප්‍රදේශය දක්වා බියර් බෝතල් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මෙලෙස පෙරලී ඇතැයි පොලිසිය කියයි. බියර් බෝතල් 25000කට ආසන්න ප්‍රමාණයක් එය පෙරලෙන විට එම කන්ටේනර් රථය තිබී ඇත. කන්ටේනර් රථය පෙරලීමත් සමග ප්‍රදේශයේ තරුණ පිරිස එයින් බියර් බෝතල් ලබා ගැනීමට උත්සාහ කර තිබීම හේතුවෙන් කන්ටේනර් රථය එම ස්ථානයෙන් ඉවත් කරන තෙක් පොලිස් ආරක්ෂාව යොදවා ඇත. කන්ටේනර් රථයේ ඇති වී තිබෙන කාර්මික දෝෂයක් හේතුවෙන් එය පෙරලී ඇති බවට පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදි අණාවරණය වි ඇත.

Related posts

මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාවට හිමි අලුත්ම තැන මෙන්න

colombotoday

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි. ඡන්දය ජනවාරි 5 ?

colombotoday

මහින්දගේ ආණ්ඩු විරෝධී ජාතික පෙරමුණ ළගදීම

colombotoday

නව බද්දක් නිසා බැංකු පද්ධතිය අවධානමේ

Admin

ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි ගානියා ප‍්‍රැන්සිස් මෙහෙයුමේ රහස් හෙළි වෙයි.

colombotoday

යාපනේ කීරමලේ ප්‍රදේශයෙන් හමුදාව මුළුමනින්ම ඉවතට

colombotoday