මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මනුවෙල් ලොපෙස් ඔබ්‍රඩෝ හට කොවින් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා විසින් මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තමා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටින බව ද මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මනුවෙල් සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර මෙක්සිකෝව තුළ මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1,763,219ක් වාර්තා වී ඇති අතර මරණ 149,614ක් සිදුව ඇති බව වාර්තා වේ.